Exclusive: විල්පත්තුවෙන් පසු පොතුවිල් වලත් බදියුර්දීන්ගේ නිවාස ව්‍යාපෘතියකට මුල්ගල තබයි..! අබුඩාබියෙන් ගෙවල් පනහකට ආධාර – සියළු විස්තර මෙන්න

පසුගිය කාලය පුරාවටම විල්පත්තු වන විනාශය පිළිබඳව බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබුනා. එසේම මේ සම්බන්ධයෙන් බොහෝ දෙනාගේ විරෝධය එල්ල වුනේ රිෂාඩ් බදියුර්දීන් අමාත්‍යවරයාට. විල්පත්තුවෙන් පසු පොතුවිල් ප්‍රදේශයේ සිරියා වංගුව නැමති ස්ථානයේද වන ලැහැබක් ඩෝසර් මගින් එලිපෙහෙලි කරන බවට අප වෙත තොරතුරු අනාවරණය වී තිබුණා.

පසුව මේ පිළිබඳව අප විසින් මුහුදුමහා විහාරවාසී උඩලම්වත්තේ රතනප්‍රිය ස්වාමීන් වහන්සේගෙන් විමසුවා. එහිදී උන්වහන්සේ දැක්වූවේ මෙවැනි අදහසක්.

‘‘සිරියා වංගුව කියන කොටසෙ චොපර් එකකින් ඇවිල්ලා එක්තරා අරාබියෙ මහත්තයෙක්. අපි දන්නෙ නෑ කවුද කින්ද මන්ද කියලා. ඒ කෙනෙක් එක්ක මේ රටේ ප්‍රභල ඇමිතිවරයෙක් කියන රිෂාඩ් බදියුර්දීන් ඇමතිවරයත් එක්ක ඇවිල්ලා මුල්ගල තිබ්බා නිවාස ව්‍යාපෘතියකට කියලා.‘‘

පසුව මේ පිළිබඳව රිෂාඩ් බදියුර්දීන් අමාත්‍යවරයාගෙන් මේ පිළිබඳව විමසූවිට ඔහු ප්‍රකාශ කලේ යුධ සමයේ අවතැන් පුද්ගලයන් වෙනුවෙන් නිවාස ඉදිකරදෙන ලෙස එම පළාතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වන මජීද් නැමැත්තෙකුගේ ඉල්ලීම පරිදි නිවස 50 ක් සඳහා එම ප්‍රදේශයේදී මුල්ගල තැබූ බවයි. මේ සඳහා අබුඩාබි තානාපති කාර්යාලයෙන් ආධාර ලබාදෙන බවද ප්‍රකාශ කලා.

මේ පිළිබඳව අමාත්‍යවරයා දැක්වූ අදහස් සහ සියළු විස්තර පහතින්.

Source From gossipsinhalanews
Author: EWriter

Powered by WPeMatico