25000 දඩේ නිසා වෙන්න පුලුවන් කවුරුවත් හිතන්නැති සිද්ධි 7ක් #SriLanka #LKA

 

හැමදාමත් මිනිස්සු ගැනම හිතපු අහීංසක බස් මාමලා ටික වර්ජන පාරක් දැම්මනෙ. ඒකට ත්‍රීවීල් බබාලත් අහිංසක සහයෝගයක් දෙන්නං කියල පස්සෙ සම්තිං එක නැත්තං ගෑණි ගෙදට්ට ගන්නෙ නැති නිසා එයාලා ෂේප් එකේ මාරු වුනා. හැමදාමත් වගේ ඔය ගැනත් බයි ටොයි වාද තිබුනට මේවා දිහා බලලා ප්‍රෙෂර් වැඩි වුනාම තවත් වියදං හින්දා අපි ඒක ගැන ටිකක් වෙනස් විදියකට දකින්න හිතුවා. මේ රටේ ඉතිං මේ වගේ ප්‍රශ්න හිනාවෙවී අමතක කරන එක මිසක් මහජනයට කරන්න දේකුත් නැහැනෙ. මොකෝ ඉතිං අපි උයාගෙන කන්නෙ නෑ කියලා ස්ට්‍රයික් කරන්නයැයි.

 

1. දඩ ගීත
Traffic Fine Rates Comic article

Source – durbanbay.com

දඩ වැඩි නිසා හිත පොඩ්ඩක් සලිත වෙලා ඉන්න බබාලට එදා දවසෙ ඇහෙන සින්දුවල පොඩි පොඩි වෙනස්කම් තිබ්බලු. මෙවුවා ඉලූෂන් කියලම අතෑරලා දාන්න බැහැ මහත්තයො.

 

“රවි මාමා සිනාසුනා… රවි මාමා කතා කළා… දඩ මා හා සිනාසුනේ නෑ… දඩ මා හා කතා කළේ නෑ…”

 

“දඩයක් වත් නැති පාරේ… අකාලෙ මහ බස් හැපුනා…”

 

“කෙනෙකුට දඩයක් ගැහුවොත් – අවුරුදු පහළොව දුවලා

බලනු විසිපන්දහ වැඩිකර දැන් පහළොව යොදලා

ගණන තුන් ලක්ෂෙයි තව හැත්තෑපන්දහක් වෙලා

රවියො තේරුනාද ඔබ කළ පවු දුර දිග නොබලා”

 

2. වර්ජන ගීත
Traffic Fine Rates Comic article

Source – youtube.com

බස් බබාලා අඬන්නෙ වැරදි කරන්න ඉඩක් නෑ. අපිට වැරදි කරන්න ඉඩක් හදාදියවු කියලා. ඒ හින්දා ඒ ගොල්ලො වැරදි කරද්දි මැරෙන සාමාන්‍ය ජනතාව එයාල අද අඬන නිසා පාරට වෙලා හිටන් ඉන්නව. මේ එයාලට සින්දු ඇහෙන විදිය.

 

“අජීයාගෙන් බස් වර්ජන වේ… තර්ජන වේ…

යන්න එන්නට විදි නැති වේ… අපි හිර වේ…”

 

“ආශා මල් පීදේ නිල් දෑසේ

වර්ජන මට කීවේ හොර රහසේ

ලොක්ක නිවාඩු දේදෝ

එය මට හිමි වේදෝ

සිහිනේ විලසේ

මැකිලා යාදෝ”

 

“පමාවූ අතීතේ

තාමත් හිත යට හඬන්නේ

තනිවෙනා වෙලාවේ

තනියට සීටීබී තියෙන්නේ”

 

3. අලුත් බස් ස්ටිකර්
Traffic Fine Rates Comic article

Source – anuraads.com

දැන් ඉතිං වර්ජනේ ඉවරවෙලා රෙද්දක් ඇඳන් බස් පදින්න බෑ කියල හිතෙන නිසා වර්ජන බබාලා ටිකට අලුත් ස්ටිකර් ටිකක් හඳුන්වා දෙනවලු. ඒ ස්ටිකර් ටික ගැහුවම ෂේප් එකේ ජාමෙ බේරං යන්න පුළුවන්.

“වර්ජන් අච්චා‍හේ… දඩ අච්චා නහීහේ…”

“වර්ජන කළත් සිතකින් නොවෙයි… දඩ දෙන්නෙ රිදවන්නෙ ඇයි…”

“යක්කුන්ටත් වර්ජන කරල කුක්කු පෙවුව අපිව දඩවලින් නවත්තන්න බෑ…”

 

4. ආණ්ඩුවෙන් මොටෝ
Traffic Fine Rates Comic article

Source – newsfirst.lk

දැන් ආයෙ ෂේප් එකේ වැඩේ ගොඩින් බේරිච්ච නිසා ආණ්ඩුව සෙන්ටිමෙන්ටල් කරන්න යන්නෙ දඩේත් තියාගෙන වර්ජනෙත් නැතුව යන්නයි. ඕකට ඉතිං අපි වවමු… රට නගමු ටයිප් සෙන්ටිමෙන්ටල් ටෝක්ස් ටිකක් ඕනමයි. ඒකට ආණ්ඩුවෙන් ගේනව වෙනමම මොටෝ.

දඩ හිතකාමී දැයක් නගමු

වර්ජනයට තිත. දඩයට ඉඩ

ඔබේ සිනහව අපේ දඩයයි…

 

5. අලුත් සංවිධාන සැට්
Traffic Fine Rates Comic article

Source – ndtv.com

දැන් ඔය දඩ කෙරුවාවයි… වර්ජන කෙරුවාවයි හින්දා පොලිටිකල් කාක්කො ටික මාලු බොකු දැක්කම මාළු කාරය වටේ කැරකෙනවා වගේ මේ සිද්ධිය විකුණගෙන කනවා. එයාලා ඉතිං පොඩි මීඩියා පබ්ලිසිටියකුත් අරං ගේම ගොඩදාගෙන වැඩේ කරන්න ප්ලෑන් කරයි. මේන්න එයාලගෙ සංවිධාන නම් ටිකක්.

දඩ බදු විරෝධී එකමුතුව

දඩ බල සේනාව

මහා වර්ජන විරෝධී සංගමය

දඩ වර්ජන නැති දැයක් සංවිධානය

දඩේ එපා පගා දියවු සංවිධානය

 

6. විසිපන්දාහෙ විකල්ප
Traffic Fine Rates Comic article

Source – windsorstar.com

සමාජෙ මත හැදෙන්නෙ ආණ්ඩු හිතන විදියට නෙමෙයි. ආණ්ඩුව සිගරට් වැඩි කළේ මිනිස්සු කොච්චර ගණං වැඩි කළත් සිගරට් බොන නිසා වුනාට සමාජෙන් හැදුනෙ වෙනම කතා. ඒ වගේම තමයි විසිපන්දාහෙ දඩේටත්. සිගරට් එක නොබී බ්ලොක් ගල් ගන්න කියපු ගොන්නු ඉන්න රටකින් වෙනිං දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ. මේ ඒ වගේ කතා දෙකක්.

“තෝ අනිවා මාසෙකට පාරක්වත් බීලා ගිහින් දඩයක් කන එකෙක් නං බීලා නොගිහිං ගනිංකො හුවාවි පී8 ලයිට් ෆෝන් එකක්”

“තෝ අනිවා මාසෙකට පාරක්වත් හයිස්පීඩ් ගිහින් දඩදෙකක් කන එකෙක් නං ගනිංකො ප්ලේස්ටේෂන් එකක්. ගෙදර ඉඳන් රේසිං ගේම් ගහනවනෙ”

 

7. ඉන්ෂුවරන්ස් කැම්පේන්
Traffic Fine Rates Comic article

Source – universalhub.com

දැන් දඩයක් හැටියට ගෙවන්න වෙන ගාන හෙන වැඩියිනෙ. හරියට වාහනයක් හැප්පුනාම වියදං වෙනවට සමාන ගානක් දැන් වියදං වෙනවා. ඉතිං ඕක කල්පනා කරන ඉන්ෂුවරන්ස් බුවාලා එළියට දානවා නියම මාකටින් කැම්පේන් එකක්.

ඔබත් නිතර දඩ කන බුවෙක්ද? එන්න අපි ළඟට. අපි ළඟ තියෙනවා ඔබට වටින විසඳුමක්. අපේ දඩ මරුවා රක්ෂණාවරණය සමග ඔබේ දඩය ඔබේම අනාගතයට ඉතිරියක් කරගන්න.

වෙනත් අනුකරණවලට නොරැවටෙන්න. අපෙන් දඩ ප්ලස් රක්ෂණාවරණයක් ගන්නා ඔබට, ඔබ වෙනුවෙන් ගොස් දඩය ගෙවා ලයිසනය ගෙදරටම ගෙනත් දෙන සේවාව නොමිලයේම අත්විඳින්න.

 
Note: There is a poll embedded within this post, please visit the site to participate in this post’s poll.
 
Cover Image Source – frontpage.lk, newsfirst.lk
 

The post 25000 දඩේ නිසා වෙන්න පුලුවන් කවුරුවත් හිතන්නැති සිද්ධි 7ක් appeared first on Aniwa.lk.

Source From aniwa
Author: T S
#SriLanka #News #lka

Powered by WPeMatico