හලාවත පොලිසියේ නිලධාරියෙක් ප්‍රසිද්ධියේ පාසල් සිසුවෙක් නිරුවත් කරලා – ලැජ්ජාවට පත්වූ සිසුවා පාසල් යාමත් ප්‍රතික්ෂේප කරයි

පොලිස් නිලධාරියෙකු ප්‍රසිද්ධ ස්ථානයක පාසල් සිසුවෙකුගේ සරම කඩා දැමීම නිසා එම පාසල් සිසුවා පාසල් යාම ප්‍රතික්ෂේප කර නිවස තුලටම වී කාලය ගත කිරීමේ පුවතක් හලාවතින් වාර්තා වනවා.

මේ සිසුවා මෙවර අ.පො ස සාමාන්‍ය පෙළ විභාගය සදහා පෙනී සිටීමට නියමිත අතර මේ හේතුවෙන් එයද කඩාකප්පල් වෙතැයි දෙමාපියන් චෝදනා කරන බවයි අප වාර්තාකරු පවසන්නේ.

පසුගිය එකොලොස්වන දින පස්වරුවේ මේ සිදුවීම වී තිබෙනවා.

හලාවත මාලිගාවත්ත ග්‍රාමයේ වැටලීමකට ගිය අවස්ථාවේ හලාවත පොලිසියේ නිලධාරීන් මේ සිසුවාගේ සරම කඩා ඉවත් කර ඇති බව මේ සිදුවීම ඇසින් දුටුවන් පවසනවා.

සිසුවා යට ඇදුමක් ඇඳ නොසිට ඇති අතර මේ අවස්ථාවේ අසල සිටි පිරිස් සිසුවාට හූ කියා ඇති බවයි වාර්තා වන්නේ.

හලාවත පොලිසියේ ‘ක්වික්’ නමැති අනවර්ථ නාමයෙන් හඳුන්වන පොලිස් නිලධාරියෙකු තමාගේ සරම කඩා දැමු බව සිසුවා පවසනවා.

මේ සම්බන්ධයෙන් පැමිණිලි කිරීම සදහා හලාවත පොලිසියට ගිය අවස්ථාවේ තමන්ට බැණ එලවා ගත් බව සිසුවාගේ පියා සඳහන් කර තිබෙනවා.

මේ පිළිබඳව කළ විමසීමකදී හලාවත මුලස්ථාන පොලිස් පරීක්ෂක වසන්ත හේරත් ප්‍රකාශ කළේ තමන්ට මෙවැනි සිදුවීමක් වාර්තා වී නොමැති බවයි .

දෙමාපියනට පොලිසියට පැමිණ තමා හමුවන ලෙස දැනුම් දෙන ලෙසද මුලස්ථාන පොලිස් පරීක්ෂකවරයා එහිදී සඳහන් කළ බවයි පැවසෙන්නේ.

Source From gossipsinhalanews
Author: EWriter

Powered by WPeMatico