සංහිඳියාවට මුවා වී බදියුදීන් විල්පත්තුව වනසයි – අන්තවාදය වපුරයි.. ජාසිම් සිටි, තුර්කි සිටි හදා විවෘත කරයි.. කටාරයෙන් සල්ලි ගලා එයි

රිෂාඩ් බදුර්දීන් අමාත්‍යවරයා විල්පත්තු වනාන්තර පද්ධතිය එළිපෙහෙළි කර, ජාතිවාදී පදනමින් නැවත පදිංචි වීම් සිදු කරන නිසා එය සහජීවනයට විශාල බාධාවක් වී ඇතැයි ජාතික සංඝ සම්මේලනයේ ජාතික සංවිධායක අධ්‍යාපනපති, පූජ්‍ය වග විජිතවංස හිමියෝ පැවසූහ.

උන් වහන්සේ මෙසේ පැවැසුවේ ජාතික සංඝ සම්මේලනය කොළඹ 07, ජාතික පුස්තකාල හා ප්‍රලේඛන මධ්‍යස්ථානයේ දී කැඳවා තිබූ මාධ්‍ය හමුවක් අමතමිනි. වැඩි දුරටත් අදහස් දැක්වූ පූජ්‍ය වග විජිතවංස හිමියන් මෙසේ ද පැවසූහ.

විල්පත්තු වනාන්තර පද්ධතිය අප රටේ ජාතික වැදගත්කමින් යුත් වනාන්නතර පද්ධතියක්. රිෂාඩ් බදුර්දීන් අමාත්‍යවරයා කලක පටන් මේ වනාන්තර පද්ධතියේ අක්කර 3000කට වඩා වැඩි ප්‍රමාණයක් මේ වන විට විනාශ කර තිබෙනවා. ඔහු මේ විනාශ්‍ය සිද්ධ කරන්නේ අවතැන් වූ ජනතාව නැවත පදිංචි කිරීමේ මුවාවෙන්. රිෂාඩ් බදුර්දීන් මේ ආණ්ඩුවේ නැවත පදිංචි කිරීමේ අමාත්‍යවරයා නෙමෙයි. නැවත පදිංචි කිරීමේ ඇමතිවරයෙක් ඉඳිද්දී ඔහුට මේ කටයුතු නිදහසේ සිද්ධ කරන්න බලය දුන්නේ කවුද කියලා අපි ජනාධිපතිතුමාගෙනුත් අගමැතිතුමාගෙනුත් අහනවා.

මේ ජනවාස සිද්ධ කරන්නේ මරිච්චුකට්ටු කියන පැරණි ගමකට මුවාවෙලා. අද එතැන ඉඳන් කිලෝමීටර් 13ක් ඇතුළට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයිති ඉඩම් විනාශ කරලා ඉවරයි. විල්පත්තු වනාන්තර පද්ධතිය විනාශ කරන්න කාටවත් අයිතියක් නෑ. විශේෂයෙන් සංක්‍රමණික පක්ෂීන් ඉන්දියානු අර්ධද්වීපයේ ඉඳලා ලංකාවට එනකොට මේ වනාන්තර පද්ධතිය තමයි ඉස්සෙල්ලාම හම්බ වෙන්නේ. එම නිසා ‘ සංක්‍රමණික සත්වයින් පිළිබඳ ජාත්‍යයන්තර සම්මුතියට‘ අපි රටක් වශයෙන් අත්සන් කරලා තියෙනවා.

ඒ වගේම රිෂාඩ් බදුර්දීන් මේ සියලු කටයුතු සිද්ධ කරන්නේ කටාර් රාජ්‍යයෙන් මුදල් පොම්ප කරගෙන. අපි ආණ්ඩුවෙන් අහනවා මේ සල්ලි ගෙන්න ගන්නේ කුමන කොන්දේසි උඩ ද කියලා. රිෂාඩ් බදුර්දීන්ට ඕන ඕන විදිහට වැඩ කරන්න දීම ද යහපාලනය කියන්නේ. ජාසිම් සිටි, තුර්කි සිටි හදලා විවෘත කරනවා. හැබැයි බදුර්දීන් හැර ආණ්ඩුවේ කිසිම ඇමතිවරයෙක් නෑ. අඩුම ගණනේ උතුරු පළාත් සභාවේ ඉඩම් ඇමතිවරයාවත් නෑ. අපි දෙමළ ජාතික සන්ධානයෙනුත් අහනවා මහා උනන්දුවකින් ඉඩම් බලතල ඉල්ලන්නේ තියෙන ඉඩම් ටිකවත් රැක ගන්න බැරුවද කියලා.

රිෂාඩ් බදුර්දීන් මේ නිවාස බෙදා දෙන්නේ සම්පූර්ණයෙන්ම ජාතිවාදය පදනම් කරගෙන. අවුරුදු 30 ක් යුද්ධයෙන් බැට කාපු සිංහල, දෙමළ, මුස්ලිම් මිනිස්සුන්ට ආයිත් යුද්ධයකට යන්න අවශ්‍ය නෑ. නමුත් මේ සමඟිය මේ වගේ ඇමතිවරු කරන කටයුතු නිසා දිනෙන් දිනම විනාශ වෙනවා. යුද්ධයෙන් යම් කෙනෙක් අවතැන් වුණානම් ජීවත් වෙන්න තැනක් මේ රටේ තිබිය යුතුයි. නමුත් යුද්ධයෙන් අවතැන් වුණේ මුස්ලිම් මිනිස්සු විතරක් නෙමෙයි. බදුර්දීන්ට මුස්ලිම් මිනිස්සු පදිංචි කරන්න තියෙන උනන්දුව සිංහල, දෙමළ අවතැන් මිනිස්සු පදිංචි කරන්න නැත්තේ ඇයි. අපි ගරු ජනාධිපතිතුමාට කියනවා ඔබතුමාට මේ රට තුළ සංහිඳියාවක් ඇති කරන්න සැබෑ වුවමනාවක් තියෙනවා නම් ඉස්සෙල්ලාම බදුර්දීන් වගේ ඇමතිවරුන්ගේ මේ විකාර වැඩ නවත්තන්න කියලා.

මෙහිදී මාධ්‍ය හා මූල්‍ය ලේකම්, පූජ්‍ය වත්තේහේනේ විජිත හිමි සහ ලේකම් පූජ්‍ය කට්ටකඩුවේ සුමනරතන හිමියන් ද අදහස් දැක්වූහ.

මාධ්‍ය අංශය
ජාතික සංඝ සම්මේලනය

Source From gossipsinhalanews
Author: EWriter

Powered by WPeMatico