වසර හතරක පෙමකින් පසු වසර පහක් පවුල් කාපු සැමියා බිරිඳ සුදු මදි කියා පොලීසි එයි – තඹුත්තේගම පොලීසියට ලැබුණ අමුතු පැමිණිල්ල මෙන්න

වසර ගණනාවකට පසු තම බිරියගේ පැහැය පිළිබඳ කණගාටු වූ ව්‍යාපාරිකයෙකුට තම බිරිය එපා වී ඇති පුවතක් තඹුත්තේගම පොලීසියේ ළමා කාන්තා කාර්යංශයෙන් වාර්තා වේ.

මෙම පුද්ගලයා තඹුත්තේගම නගරයේ ව්‍යාපාර කටයුතු සිදු කරන ව්‍යාපාරිකයෙකු වන අතර,දැනට වසර පහකට පමණ පෙර වසර 4ක ප්‍රේම සම්බන්ධතාවක ප්‍රතිඵලයක් මත මොවුන් දෙදෙනා විවාහ වී ඇත.

මොවුන්ට වයස අවුරුදු 4ක කුඩා දරුවෙකුද සිටින බවත්, මොවුන් දෙදෙනා සෑහෙන කාලයක් සතුටින් කල්ගෙවා ඇති අතර, දැනට මාස දෙකක කාලයක සිට තම බිරිය සුදු පැහැයක් නොගන්නා නිසා ඔහුගෙන් ඈත්වෙන ලෙස බිරියට දන්වා ඇති බවත්, දිගින් දිගටම මෙම ක්‍රියාව සිදුවන බැවින් ඇය ඒ පිළිබඳව තමුත්තේගම පොලීසියට පැමිණිල්ලක් කර ඇති බවත් පොලීසිය පවසයි.

ඒ අනුව දෙපාර්ශවය කැඳවා විමර්ශණ කටයුතු සිදු කිරීමේදී සැමියා පොලීසියට පවසා ඇත්තේ තම බිරිය සුදු පැහැයක් නොගන්නා නිසා ඇගෙන් ඉවත් වීමට තමන් සූදානම් බවකි.

මෙම පුද්ගලයා මෙපමණ කලක් තමන් සමග සතුටින් කාලය ගත කළත්, මෑතක සිට වෙනත් කාන්තාවක් සමග ඇසුරක් පවත්වන නිසා තමන්ව අත්හැරීමට සූදානම් වුවත් තමන් මොහුගෙන් වෙන් නොවන බවත්,දික්කසාදය තම සැමියාට කිසිදු හේතුවක් මත ලබා නොදෙන බවත් අදාළ බිරිය ප්‍රකාශ කොට ඇත.

තඹුත්තේගම පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ නිළධාරීන් කොතෙක් කරුණු පැහැදිලි කොට දෙදෙනා සමගි කිරීමට උත්සහ කළත් සැමියා ඊට එකඟ වී නැත.

Source From gossipsinhalanews
Author: EWriter

Powered by WPeMatico