රස්සාව එපා වෙලාද? මෙන්න ලංකාවේ රැකියාවක් කරනවානම් හොඳම තැන් 25

 

රැකියාවක් හොයන ඔබටත්, ඔබ නිරත වෙන වෘත්තියෙන් තව තවත් ඉදිරියට යාමට ආශා කරන ඔබටත් වැදගත් තොරතුරක් තමයි අපි මේ ගෙන එන්නේ. ඒ තමයි අපේ රටේ රැකියාවක් කරන්න තෝරගන්න හොඳම සමාගම් ලැයිස්තුවක්

Great Place To Work®  ආයතනය විසින් LMD සහ ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයද සම්බන්ධ කරගෙන ඉදිරිපත් කර ඇති මේ සමාගම් 25 තමයි 2016 වසරේදී රැකියාකිරීමට හොඳම ස්ථාන හැටියට නම් කරල තිබෙන්නේ.

 

1. 99X Technology

image0599X Technology ආයතනය කියන්නෙ සම්මානලභී මෘදුකාංග නිෂ්පාදන සමාගමක්. මෙහි සේවක කණ්ඩායම 144 දෙනෙකුගෙන් සමන්විතයි.

 

2. AIA Insurance Lanka

image07මූල්‍ය/රක්ෂණ විසඳුම් සපයන ආයතනයක් වන AIA Insurance Lanka සමාගමෙහි සේවය කරන්නන් සංඛ්‍යාව 821 දෙනෙක්.

 

3. Asian Alliance Insurance

image061999 වර්ෂයේදී අරඹන ලද ඒෂියන් එලයන්ස් සමාගම ලංකාවේ ප්‍රමුඛතම රක්ෂණ ආයතනයක්. මෙහි රැකියාවේ නියුතු සේවකයන් සංඛ්‍යාව 459ක්.

 

4. Avery Dennison Lanka

image09ඇඟලුම් සලකුණු කිරීමේ සහ ඇසුරුම් කිරීමේ ප්‍රධාන පෙලේ සමාගමක් වන ඒවරි ඩෙනිසන් සමාගම සතු සේවකයන් සංඛ්‍යාව 629ක්.

 

5. Classic Travel

image08Classic Travel කියන්නෙ වසර 20කට අධික ඉතිහාසයක් සහිත සංචාරක පහසුකම් සපයන සමාගමක්. මෙහි සේවයේ නියුතු පිරිස 169ක්.

 

6. DHL Keells

image11ලොව ජනප්‍රියම බෙදාහැරීමේ සේවා ආයතනයක් වන DHL  සමාගමත් ලංකාවේ සේවය කිරීමට සුදුසුම ආයතනයක් වනවා. 234 දෙනෙක් මෙහි සේවයේ නියුතුයි

 

7. Diesel & Motor Engineering

image10වෘත්තීයමය සේවා සහ ඉංජිනේරු උපදේශන සපයන ඩිමෝලංකා සමාගම සතු සේවක පිරිස 1535ක්

 

8. E-W Information Systems

image13තොරතුරු තාක්ෂණ සමාගමක් වන E-W Information Systems සමාගමත් 2016 වර්ෂයේ ශ්‍රී ලංකාවේ හොඳම රැකියා ආයතනයක් වනවා. 285 දෙනෙක් මේ ආයතනයේ දැනට සේවය කරනු ලබනවා.

 

9. Expolanka Freight

image12භාණ්ඩ ප්‍රවාහණ සහ සැපයුම් කළමනාකරණ ආයතනයක් වන Expolanka Freight ආයතනය සතු සේවක පිරිස 637ක්.

 

10. Gamma-Pizzakraft Lanka

image16අපි කවුරුත් දන්නා පීසා හට් අවන්හල් ජාලය අයත් වන්නේ මේ සමාගමටයි. මෙහි සේවක පිරිස 1379ක් වශයෙන් සඳහන් වනවා.

 

11. Hilton Worldwide

image14ලෝකයේ විශාලම හෝටල් සමාගමක් වන මෙම සමාගමේ මෙරට සේවක පිරිස 993ක් වනවා.

 

12. IFS R&D International

image15IFS R&D International ආයතනය තොරතුරු තාක්ෂණය සම්බන්ධ සේවා රැසක් සපයන ආයතනයක්. ලංකාවේ හොඳම රැකියා ආයතනයක් වන මෙහි 751 දෙනෙක් රැකියාවෙහි නිරත වෙනවා.

 

13. JAT Holdings

image17ඉදිකිරීම් ක්ශේත්‍රයට අයත් තීන්ත, දැව ආලේපන ආදී නිෂ්පාදනයන්ගෙන් ලංකාවේ ඉහලම නමක් දිනාගෙන තිබෙන සමාගමකි. මෙහි සේවක සංඛ්‍යාව 340කි.

 

14. Linea Aqua

image18ලංකාවේ ප්‍රමුඛතම ඇඟලුම් නිෂ්පාදන සමාගමක් වන Linea Aqua සමාගම සතු සේවක පිරිස 4769ක් වනවා.

 

15. McLarens Holdings

image19මැක්ලැරන්ස් සමාගම යනු නාවික සහ සාගර සේව ඇතුලු වෘත්තීයම සේවාවන් රැසක් සපයන දැවැන්ත ආයතනයක්. 769 දෙනෙක් මෙහි සේවයේ නියුතුයි.

 

16. MHE (Licensee of Federal Express)

image20භාණ්ඩ ප්‍රවාහන ආයතනයක් වන Federal Express සඳහා ලංකාවේ බලපත්‍රලත් ආයතනයයි. සේවක ගණන 110කි.

 

17. NOLIMIT

image21නිමි ඇඳුම් සහ විලසිතා භාණ්ඩ සඳහා ඉතා ප්‍රසිද්ධ නෝ ලිමිට් ආයතනය සතු සේවක ගණන 1520කි.

 

18. Oxford College of Business

image22සම්මානලාභී ව්‍යාපාරික අධ්‍යනායතනයකි. 54 දෙනෙකුගෙන් යුත් සේවක මණ්ඩලයකින් සමන්විතය.

 

19. Prime Lands

image23ලංකාවේ ප්‍රධානතම ඉදිකිරීම් සහ දේපළ වෙළඳාම් සමාගමකි. සේවක පිරිස 227කි.

 

20. Singer (Sri Lanka)

image24වසර 100කටත් අධික ඉතිහාසයකට උරුමකම් කියන සිංගර් ආයතනය විවිධ ගෘහ උපකරණ අලෙවියෙන් දිවයිනේ නම රැන්දූ ආයතනයකි. 1616 දෙනෙක් මේ වනවිට එහි සේවය කරති.

 

21. Softlogic Restaurants (Burger King)

image00ලෝ ප්‍රකට බර්ගර් කිං අවන්හල් ජාලයේ මෙරට නියෝජිතයන් වන Softlogic Restaurants සමාගමේ සේවක පිරිස 243කි.

 

22. Taj Samudra Colombo

image01මෙරට ජනප්‍රියම හෝටලයක් වන ටාජ් සමුද්‍රා ආයතනයත් ඔබට සේවය කිරීමට ඉතාම හිතකර ආයතනයකි. එහි සේවක සංඛ්‍යාව 629 දෙනෙකි.

 

23. Triumph International Lanka

image02කාන්තා ඇඟලුම් නිෂ්පාදන සමාගමක් වන Triumph International Lanka ආයතනය සතු සේවක පිරිස 76කි.

 

24. Union Assurance

image03මූල්‍ය සහ රක්ෂන සේවා සපයන ආයතනයකි. 452 කින් යුතු සේවක මඩුල්ලකින් සමන්විතය.

 

25. United Tobacco Processing

1926 දී අරඹන ලද මෙය දුම් වැටි නිෂ්පාදන සමාගමකි. 2408 දෙනෙක් මෙහි සේවය කරති.

 
Cover Image Source – greatplacetowork.lk

 

The post රස්සාව එපා වෙලාද? මෙන්න ලංකාවේ රැකියාවක් කරනවානම් හොඳම තැන් 25 appeared first on Aniwa.lk.

Source From Aniwa
Author: AY

Powered by WPeMatico