මෛත‍්‍රී-මහින්ද ෂැංග‍්‍රිලා තරු හෝටලයේද හමුවේ… හවුල් දීගයකට අත්සන් තබති…

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අතර හමුවක් අද දිනයේ සිදුවිය.

මෙම හමුව සිදු වූයේ මෑතකදී විවෘත කරන ලද ගාළු මුවදොර ඉදිරියේ පිහිටි ෂැංග‍්‍රිලා හෝටලයේදීය.

රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලක්‍ෂමන් යාපා අබේවර්ධන මහතාගේ පුත් දකුණු පළාත් සභා මන්ත‍්‍රී පසද යාපා අබේවර්ධන මහතාගේ විවාහ උත්සවය එහි පැවැත්වුනේ අතර මෙම හමුව සිදුවූයේ එහිදීය.

මනාලයා හා මනාලියගේ පාර්ශවයන් වෙනුවෙන් ඔවුන් දෙදෙනා සාක්‍ෂිකරුවන් ලෙස අත්සන් කරන ලදී.

මෙම විවාහ මංගලෝත්සවය සදහා පක්‍ෂ විපක්‍ෂ දේශපාලඥයින් රැසක් එක්ව සිටියහ.

පළාත් පාලන මැතිවරණය කැදවා තිබීමත් ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂයේ පවතින බල අරගලයත් මැද මෙම නායකයන්ගේ හමුවීම විශේෂය.

ඒකාබද්ද විපක්‍ෂය හා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය අතර වන සාකච්චා මේ වන විට සම්පුර්ණයෙන්ම පාහේ බිද වැටී ඇති අතර දෙපාර්ශවය වෙන වෙනම නාම යෝජනා ලබා දීම සදහා සියළු කටයුතු සූදානම් කරමින් සිටි.

Source From gossip-lankanews
Author:

Powered by WPeMatico