මේ රසම රස, ලේසිම ලේසි චොක්ලට් ඩ්‍රින්ක්ස් හදාගෙන චොක්ලට් මිහිරියාවක අතරමන් වෙන්න #SriLanka #LKA

මීට කලින් අපි රසම රස චොකලට් කේක් එකක් හදාගන්න හැටි වගේම චොකලට් වලින් හදාගන්න පුළුවන් එක එක කෑම වල රෙසිපි ඔයාලට අරගෙන ආව. අද මේ ගෙනාවෙ චොකලට් වලින් හදාගන්න පුළුවන් රසවත්ම බීම වර්ග ටිකක් ගැන. චොකලට් ශේක් එකක් හැර චොකලට් වලින් හදාගන්න පුළුවන් බීම වර්ග වල නිමක් නෑ. තමන් කැමති තාලෙට හදාගෙන රස්නෙ දවසක කූල් එකේ බොන්න වගේම සීතල දවසක හොට් වෙන්නත් පුළුවන් රෙසිපි ටිකක් තමා මේ. හදල බීලම බලමුකො නේද? 😉

 

1. Strawberry Chocolate Shake
Source – simpleasthatblog.com
අවශ්‍ය ද්‍රව්‍ය
  1. කිරි කප් 4
  2. කපාගත් ස්ට්‍රෝබෙරි කප් 1/2
  3. චොකලට් සෝස් මේස හැඳි 3
  4. රස අනුව සීනි
  5. චොකලට් අයිස්ක්‍රීම් ස්කූප් එකක්

 

  • අයිස්ක්‍රීම් හැර සියල්ල එකට දමා බ්ලෙන්ඩ් කරගන්න. අයිස්ක්‍රීම් උඩින් දමා පිලිගන්වන්න.

 

2. Chocolate Mocha
Source – skillet.lifehacker.com
අවශ්‍ය ද්‍රව්‍ය
  1. ඩාර්ක් කුකින් චොකලට් 50g
  2. කිරි කප් 1/2
  3. සීනි තේ හැඳි 2
  4. ක්ශණික කෝපි තේ හැඳි 2
  5. චොකලට් සිරප් තේ හැන්දක්
  6. සැරසීමට විප්ඩ් ක්‍රීම් සහ කොකෝවා පව්ඩර් ටිකක්

 

  • චොකලට්, කිරි සහ සීනි එක් කර බඳුනක දමා රත් වෙන්න තබන්න. චොකලට් දිය වෙන තුරු හැඳි ගාමින් මිශ්‍ර කරගන්න. මදගින්නේ තබාගන්න.
  • ලිපෙන් ඉවත් කර කෝපි සහ චොකලට් සිරප් එක් කර කෝප්ප වලට දමා උඩින් විප්ඩ් ක්‍රීම් සහ කොකෝවා පව්ඩර් ඉස පිලිගන්වන්න.

 

3. Chocolate Malted Shake
Source – casadasreceitas.com.br
අවශ්‍ය ද්‍රව්‍ය
  1. චොකලට් අයිස් ක්‍රීම් කප් 1
  2. කිරි කප් 1
  3. චොකලට් මෝල්ට් පව්ඩර් කප් 1/3 (මයිලෝ හෝ චොකලට් හෝර්ලික්ස්)
  4. සීනි අවශ්‍ය නම් පමණක්
  5. ඕරියෝස් හෝ චොකලට් කුකීස් දෙකක්

 

  • කුකීස් හැර සියල්ල එකට එක් කර බ්ලෙන්ඩ් කරගන්න. තික් ගතිය වැඩි නම් තව කිරි එක් කරගන්න. වෙනම අයිස්ක්‍රීම් ස්කූප් එකක් උඩින් දමා එයට උඩින් කුකී එක තබා පිලිගන්වන්න.

 

4. Mocha Frappé
Source – makinglemonadeblog.com
අවශ්‍ය ද්‍රව්‍ය
  1. සාදාගත් කශ්ණික කෝපි කප් 1
  2. චොකලට් චිප්ස් කප් 1/2
  3. වැනිලා තේ හැඳි 1
  4. චොකලට් සිරප් ටිකක්
  5. කුඩු කරගත් අයිස් කැට කප් 3
  6. විප්ඩ් ක්‍රීම්
  7. හෙවි ක්‍රීම් කප් 1/2
  8. කුරුඳු කුඩු ස්වල්පයක්

 

  • කුරුඳු සහ විප්ඩ් ක්‍රීම් හැර අනෙක් සියල්ල බ්ලෙන්ඩර් එකට දමා හොඳින් බ්ලෙන්ඩ් කරගන්න. විප්ඩ් ක්‍රීම් සහ කුරුඳු කුඩු උඩින් දමා පිලිගන්වන්න.

 

5. Honey & Hot Chocolate
Source – honey.com
අවශ්‍ය ද්‍රව්‍ය
  1. කිරි කප් 4
  2. වැනිලා තේ හැඳි 2
  3. මී පැණි මේස හැඳි 2
  4. මිල්ක් කුකින් චොකලට් 100g

 

  • කිරි වලට චොකලට් එක් කර මද ගින්දරේ තබා චොකලට් දිය වෙන තුරු රත් කරගන්න. ලිපෙන් ඉවත් කර වැනිලා සහ මී පැණි එක් කර පිලිගන්වන්න.

 

6. Avocado Chocolate Shake
Source – 52kitchenadventures.com
අවශ්‍ය ද්‍රව්‍ය
  1. කිරි කප් 1 1/2
  2. කොකෝවා පව්ඩර් මේස හැඳි 3
  3. සීනි මේස හැඳි 3
  4. ඉදුණු අලි ගැට පේර ගෙඩියක මදය
  5. වැනිලා ස්වල්පයක්
  6. දියකරගත් චොකලට් චිප් මේස හැඳි 2
  7. අයිස් කැට

 

  • සියල්ල එකට එක් කොට බ්ලෙන්ඩර් කර ගන්න.

 

7. Iced Chocolate
Source – cocktailcrewindia.com
අවශ්‍ය ද්‍රව්‍ය
  1. උණු වතුර කප් 3/4
  2. සීනි කප් 1/2
  3. කොකෝවා පව්ඩර් කප් 1/2
  4. චොකලට් සිරප් තේ හැන්දක්
  5. කිරි කප් 1
  6. කුඩු කරගත් අයිස් කැට කප් 2
  7. සෝඩා ටිකක්
  8. මිල්ක් කුකින් චොකලට් 50g (දියකරගත්)
  9. අයිස් ක්‍රීම් ස්කූප් එකක්
  10. මිංචි කොල ටිකක්

 

  • වතුර, සීනි, කොකෝවා පව්ඩර් සහ කුකින් චොකලට් එකට බ්ලෙන්ඩ් කරගන්න. එයටම කිරි එක් කර නැවත බ්ලෙන්ඩ් කරගෙන නිවෙන්නට පසෙකින් තබාගන්න.
  • නිවුනු පසු එයට අයිස් කැට එක් කර නැවත බ්ලෙන්ඩ් කරගන්න.
  • සෝඩා ටිකක් වීදුරුවේ අඩියට මුලින් දමා එයට උඩින් සාදාගත් චොකලට් මිශ්‍රණය දමා අයිස්ක්‍රීම් ස්කූප් එකක් දමා මිංචි කොල වලින් සරසා පිලිගන්වන්න.

 

 

Cover Image Source – feast.media

The post මේ රසම රස, ලේසිම ලේසි චොක්ලට් ඩ්‍රින්ක්ස් හදාගෙන චොක්ලට් මිහිරියාවක අතරමන් වෙන්න appeared first on Aniwa.lk – අනිවා ඔබටම විනෝදවන්න, වැඩදායී, සිත්ඇදගන්නා ඔරිජින්ල්ම, ගොසිප් නැති, පොලිටික්ස් නැති සිංහල ලිපි හා වීඩියෝ.

Source From aniwa
Author: N J
#SriLanka #News #lka

Powered by WPeMatico