මෙතනින් ඔබ කැමති යතුරක් තෝරාගන්න – ඔබ තෝරා ගත් යතුර අනුව කියවෙන ඔබ සතු දක්ෂතා, දුර්වලකම් හා ගතිගුණ ගැන මෙතනින් බලන්න

තමන්ගේ ගතිගුණ ගැන කියන පරික්ෂණ ඕනෑ තරම් තියෙනවානේ. අපිත්මේ මෑත්කදි ඒ වගේ කිහිපයක් ඔබත් එක්ක බෙදා ගත්තා.මේත් ඒ වගේ ගතිගුණ ගැන කියන පරීක්ෂණයක් තමයි.ඒත් පොඩි විශේෂත්වයක් තියෙනවා. මොකද මේ දේ ඔබ හමුවට එන්නේ විද්‍යාත්මක පසුබිමකුත් එක්ක.

ආචාර්‍ය Abigail Brenner, Psychology Today කියන වාර්තාවට ඒ ගැන තහවුරු කරලාත් තිබ්බා. හරි වැඩි කතා නැතුව අපි බලමු මේ දේ කොයිතරම් දුරට නිවැරදිද කියලා.මෙච්චරයි කරන්න තියෙන්නේ ඔන්න පහතින් තියෙනවා වෙනස් හැඩයන් වල යතුරු වර්ග 6ක්.මෙතනින් එකක් තෝරගන්නකෝ මුලින්ම. හරි දැන් බලන්න තමන්ට අදාල යතුරට සම්බන්ධ ගතිගුණ ගැන.

1. යතුර

ඔබ තෝරගෙන තියෙන්නේ පොදු,ඒ වගේම සරල යතුරක්.කොටින්ම කිව්වොත් මෙහි කිසිම විසිතුරු බවක් නෑ.හැබැයි දොරක් අරින්න හොඳම යතුරත් මේකම තමයි.මේ යතුර තෝර ගත්ත ඔබ තාර්කිකව තිරණ ගන්න කෙනෙක්. ඒ වගේම ඔබ ගොඩාක් තාත්විකව හිතන කෙනෙක්. හැබැයි වෙලාවකට නම් ඔබ දුර්වල,ඉක්මනින් බිඳෙන සුළු කෙනෙක්.

2. යතුර

ඔබ තෝරගත්තේ හරිම විශ්වාසනිය යතුරක්.මතකද මැජික් මාලිගාවල දොරටුව විවර කරන්න ගන්නෙත් මේ වගේ යතුරක්.ඉතින් ඔබත් ඒ වගේ .හරිම ශක්තිමත් ඔබ තමන්ට අවශ්‍ය දේ ලේසියෙන්ම ලබා ගන්නවා. ඔයාගේ ශක්තින් වෙන්නේ, පොරොන්දු කැඩීමට තියෙන නොකැමැත්ත හා නිදහස් බව.

3. යතුර

ඔබ තෝරගෙන තියෙන්නේ මේතන තියෙන දුර්ලභම යතුරක්.මෙතනින් කියනේ ඔබට ,ඔබව විශ්වාසයි.ඒ කියන්නේ ඔබට අනිත් දේවල් අදාළම නෑ.ඔබ හරි ස්ථිර කෙනෙක්.ජිවිතේට එන අභියෝග ඔබ දෙපාරක් නොසිතා භාර ගන්නවා.ඔබ හරි අපුරූ රසවත් අදහස් අලින් පිරුණු කෙනෙක්. ඒ වගේම ඔබේ ජිවිතය පාලනය කරන්නේ ඔබමයි.

4. යතුර

ඔබ තෝරගත්තේ කොල 4ක් තියෙන (උදුපියලිය ) ශාකයක් වගේ යතුරක්. ඒ,,ක ඔබට තේරුනාද? මෙතනින් කියන්නේ ඔබ හරිම උද්යෝගීමත් , කලබලයක් නැති ධනාත්මක කෙනෙක්. හැබෑයි හැම වෙලේම සර්ව ශුභවාදී වෙන එකත් ඔබට නොදැනුවත්වම පොඩි පොඩි ප්‍රශ්න ඇති කරයි.

5. යතුර

ඔබ තෝරාගෙන තියෙන්නේ හරිම විසිතුරු යතුරක්.බොහොමයක් සුරංගනා කතා වල තියෙන්නෙ මීට සමාන යතුරු. ඉතින් මේ අනුව ඔබ හරිම නිර්මාණශීලී හීන දකින කෙනෙක්.ඒ විතරක් නෙවේ ඔබට තියෙන්නේ දීප්තිමත් චින්තනයක්.හැබැයි ඔබට වෙලාවකට දැනෙන්නේ අනිත් අය ඔබව ඈත් කරලා,වරදවා වටහා ගෙන වගේ හැඟීමක්.

6. යතුර

ඔබ තෝරාගෙන තියෙන්නෙ තරමක් උසස් පෙනුමක් තියෙන යතුරක්. මෙතනින් කියන්නේ ඔබ තාර්කික හා හොද අවබෝධයක් තියෙන කෙනෙක් බවයි. ඔබට ඔය ඉන්න පහසු තැන ඉදලා ඉස්සරහට අඩියක් තියන එක ලේසි දෙයක් නෙවේ. ඔබ හරි පක්ෂපාතී කෙනෙක්. හැබැයි ඔබ ඒ දේ අනිත් අයගෙනුත් ඒ විදියටම බලාපොරොත්තු වෙනවා.

Source From gossipsinhalanews
Author: EWriter

Powered by WPeMatico