මහින්ද ඇතුළු ඒකාබද්දයේ සියළු ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරුන්ගේ මන්ත්‍රීධූර අහෝසියි

වෙනත් පක්‍ෂ ප‍්‍රවර්ධනය හෝ ඊට අනුබල දීම ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ ව්‍යවස්ථාව අනුව ව්‍යවස්ථා විරෝධී කටයුත්තක් යයි වරාය හා නාවුක කටයුතු ඇමති මහින්ද සමරසිංහ මහතා පවසයි.

කොළඹ ශ‍්‍රීලනිප මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය.

මෙම හේතුව නිසා ඒකාබද්ද විපක්‍ෂය නියෝජනය කරන ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මන්ත‍්‍රීවරුනට එරෙහිව විනය ක‍්‍රියාමාර්ග ගෙන අධිකරණය මගින් මන්ත‍්‍රී ධුර පවා අහිමි කිරීමේ හැකියාවක් ඇති බවද ඔහු සදහන් කලේය.

ශ‍්‍රීලනිපයට එරෙහිව කටයුතු කරන ඔ්නෑම අයෙක් සම්බන්ධයෙන් තොරතුරු දැන ගනීමේ දියුණු තාක්‍ෂණය දැන් ඇති බවද ඇමතිවරයා සදහන් කරයි.

මහින්ද රාජපක්‍ෂ හිටපු ජනපතිද එක්විය යුත්තේ ශ‍්‍රීලනිපය සමග මිස පොහොට්ටුවක් සමග නොවන බවද ඔහු ඇමතිවරයා එහිදී කියා සිටියේය.

කෙසේ වෙතත් ඒකාබද්දය එක් වුනද නැතද ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඉදිරි පළාත් පාලන මැතිවණය නිසැකවම ජයගන්නා බවද ඔහු වැඩි දුරටත් කියා සිටියේය.

Source From gossipsinhalanews
Author: EWriter

Powered by WPeMatico