මවුබිමට අභිමානයක් ගෙන එමින් ඇමෙරිකාව දිනූ අපේ අනෝමා .!

ශ්‍රී ලංකාවේ ඉපිද ජාත්‍යන්තරය ඉදිරියේ ගෞරවයට ලක්වූ කාන්තාවක් පිළිබදව වාර්තා වේ. ඇය ව්‍යාපාරිකාවකි. ඇමෙරිකා එක්සත් ජනපදයේදී සම්මානයට පාත්‍ර වූ ශ්‍රී ලාංකික කාන්තාවකි.

අනොමා කරුණාසේන නම් ඇය ඇමෙරිකාවට සංක්‍රමණය වන්නේ මීට වසර 18කට පෙර 2000 වසරේදීය. වයිලන් නම් වූ ඇමරිකානු ජාතික වෛද්‍යවරයෙක්‌ වෛද්‍ය පර්යේෂණයක්‌ වෙනුවෙන් වූ දත්ත එක්‌රැස්‌ කිරීමට ශ්‍රී ලංකාවට පැමිණි ගමනේදී ඔහුට අයෝමා මුණ ගැසුනේය.  එම හමුවීම නිසා ඔවුනොවුන්ගේ දැන හැඳින ගැනීමෙන් වසර එකහමාරකට පසු එනම් 2000 වසරේ මේ දෙදෙනා විවාහ වී ඇමරිකාවේ බොස්‌ටන් නුවර බලා ගියහ.

ඇය ඇමරිකාව බලා යන විට තද හිමපතනය සහිත කාලගුණ තත්ත්වයක්‌ පැවැතුන නිසා ඇයට මෙම කාලගුණ තත්ත්වයට ඔරොත්තු දීම අපොහොසත් විය. මේ නිසා ගිලන් වුණ අයෝමාට කටට රසට ආහාරයක්‌ වෙනුවෙන් අපේ රටේම බතක්‌, පොල්සම්බෝලයක්‌ සොයා ගැනීමට ඉඩක්‌ තිබුණේම නැත. ඇගේ සැමියා වයිලන් විවිධ ආපනශාලාවන් වෙත විමසමින් ශ්‍රී ලංකාවේ ආහාරපාන ගැන විමසා සිටියත් ඔහුට ඒ ගැන ලැබුණේ ඉතාම අල්ප තොරතුරුය.

සුවය ලැබීමෙන් පසුව අයෝමාට ව්‍යාපාරික සිතුවිල්ලක්‌ ඇති වුණේ පසුගිය කාලවකවානුවලදී අපේම රටේ ආහාරපාන නොමැතිව ඇය ලද අපහසුතාවයට පිළියම් ලෙසින්ය.

“මට හිතෙනවා ලංකාවේ ආහාරපාන තියෙන අවන්හලක්‌ පටන් ගන්න…” ඇය තම ස්‌වාමිපුරුෂයාට කියා සිටියාය. සැමියාගේද ආශිර්වාදය මත 2008 වසරේදී කැලිෆෝනියාවේ සැන්ටාකෘස්‌ ප්‍රදේශයේ ආරම්භ කරන ලද මෙම අවන්හල ඇය නම් කරනු ලැබුවේ “සයුරේ මුතු ඇටය (pearl of the ocean) යන නමින්ය. ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ මුතු ඇටය ලෙසින් හැඳින්වීම ඊට හේතුවයි.

ඉන්පසුව සිය අවන්හලේ වස විස නැති ශ්‍රී ලාංකික ආහාර වෙනුවෙන් වෙන් කරන අනෝමා, විවිධ ශ්‍රී ලාංකික කෑම වට්ටෝරූ සිය අවන්හල හරහා හදුන්වා දුන්නාය. ශ්‍රී ලාංකීය ආහාර පමණක්‌ නොව පරිසරයද ඒ අනුව ගොඩනැඟීම ඇගේ අවශ්‍යතාවය වූයෙන් “පර්ල් ඔෆ්ද ඕෂන් “ඉදිරියේ බුදුපිළිම වහන්සේ නමක්‌ ස්‌ථාපිත කළාය විදේශීය රටක, විදේශීය ආහාර සංස්‌කෘතියක්‌ වෙනුවෙන් අපගේ දේශීය ආහාර හඳුන්වා දීම එතරම් පහසු කාර්යක්‌ නොවේ. මේ වෙන විට ලංකාවේ ආහාරපාන තබා ශ්‍රී ලංකාව යන නමවත් එතරම් ප්‍රසිද්ධියට පත්ව තිබුණේ නැත. චීන, ඉතාලි ආහාර වෙනුවෙන් වූ දැන හඳුනාගැනීම සහ ඉල්ලුම තුළ තරගය සුළුවෙන් සැලකීමට නොහැක. එහෙත් අයෝමා මේ සියලු අභියෝග භාරගත්තාය.

අයෝමාගේ ආපනශාලාව පිළිබඳව වූ පිළිගැනීම, ජනප්‍රියත්වය සහ සත්කාර්යය නිසාම ඇය වෙනුවෙන් ප්‍රචාරණයන් අවශ්‍ය වූයේ නැත. මේ කාලවකවානුවේදී එනම් 2009 වසරේදී ඇමරිකාවේ හොඳම අවන්හල තේරීමේ තරගයක් සංවිධානය වෙමින් පැවැතුණි. වසරක්‌ වැනි කෙටි කාලයකදී ඇමෙරිකාවේ හොදම අවන්හල වෙනුවෙන් සම්මානය අනෝමාගේ ශ්‍රී ලාංකික අවන්හල දිනා ගන්නේ ශ්‍රී ලංකාවටද ගෞරවයක් ගෙන එමින් ය. 2013 වසරේ ඇමරිකාවේ හොඳම සූපවේදීයා තෝරන තරගයකින් ඇමෙරිකාවේ හොදම සූපවේදියාට හිමි සම්මානය දිනා ගැනීමටද ඇය සමත් විය.

ශ්‍රී ලංකාවේ ආහාර සමග පිළිගැන්විය හැකි ශ්‍රී ලාංකික වයින් වර්ගයක් නිපදවීමේ සිහින‍යක් ඇයට තිබුනි. මේ වන විට අයෝමා එම සිහිනයද සපුරාගෙන අවසන් ය. මවුබිමෙන් ඈත රටක ජීවත් වූවද මවුබිමේ සංස්කෘතිය අමතක නොකර ජිවීතය ජයගත් අනෝමා සමස්ත ශ්‍රී ලංකාවාසීන්ටම ආදර්ශයකි.

Source From gossip-lankanews
Author: Editor 1

Powered by WPeMatico