මඩකලපුව ධීවරයින්ට හසුවුනේ මුහුදු සර්පයින් නොවේ.. ආහාරයට ගන්න කොහෙත්ම සුදුසු නෑ.. හසු වූ සත්ත්ව විශේෂය ගැන ඇත්ත කතාව මෙන්න – ඡායාරූප හා වීඩියෝ

පසුගියදා මඩකලපුව – නාවලඩි ප්‍රදේශයේදී ධීවරයන්ගේ දැල්වලට හසු වූ සත්ත්ව විශේෂය සර්පයින් බවටත් එය සුනාමි අනතුරක පෙර නිමිත්තක් බවටත් බොහෝ දෙනා තුල සැකයක් මතුව තිබුනා. මේ සිදුවීම නිසා බියට පත්වූ ධීවරයන් මේ පිිළිබඳව සොයා බලා ඉක්මනින්ම කරුණු පැහැදිලි කරන ලෙස ධීවර හා ජලජ සම්පත් අමාත්‍යවරයාට දැනුම් දී තිබුනා.

ඒ අනුව ධීවර හා ජලජ සම්පත් අමාත්‍යංශය මේ පිළිබඳව නාරා ආයතනය දැනුවත් කරා. පසුව ඔවුන් විසින් කරන ලද පරීක්ෂණ වලට අනුව මෙම සත්ව විශේෂය සර්පයින් නොවන බවටත් එලෙස හමුවූයේ (Snake eel) නමින් හඳුන්වන ආඳන් විශේෂයක්‌ බවටත් හඳුනාගෙන තිබෙනවා.

එසේම මෙය කිසිඳු අනතුරක පෙර නිමිත්තක් නොවන බවද නාරා ආයතනයේ සමුද්‍ර ජීවී විද්‍යා අංශයේ අංශ ප්‍රධානී විද්‍යාඥ ආචාර්ය සිසිර සපුතන්ත්‍රි මහතා පෙන්වා දෙනවා. මීට පෙරද ශ්‍රී ලංකා මුහුදු තීරයේදී මෙම සත්වයින් හමුව ඇති අතර මෙවැනි විශාල සත්වයින් ප්‍රමාණයක් හමුවූ මුල්ම අවස්ථාව බවද ඔහු පෙන්වා දෙනවා.

මෙම ආඳන් විශේෂය ආහාරයට නොගන්නා අතර මෙලෙස එකවර විශාල ප්‍රමාණයක් සංක්‍රමණය වූයේ බිත්තර දැමීමට විය හැකි බවද ඔහු ප්‍රකාශ කරනවා.

Snake eel ආඳන් පිළිබඳව විදෙස් මාධ්‍ය සකස් කල වාර්ථා වැඩසටහනක කොටසක් පහතින්.

Source From gossipsinhalanews
Author: EWriter

Powered by WPeMatico