පාඩම් කියාදීමට බව පවසමින් ගෙදරට ගෙන්වාගත් 12 හැවිරිදි දැරියට හදි කළ පනස් හතර හැවිරිදි සීයාට වැඩ වැරදුණ හැටි

දොලොස් හැවිරිදි දැරියක අපයෝජනය කිරීම සම්බන්ධයෙන් පනස් හතර හැවිරිදි වතු සේවකයෙකු අත්අඩංගුවට ගැනීමට රස්නායකපුර පොලීසිය කටයුතු කර තිබේ.

සැකකරු මඟුරන්කඩවල – ශාන්ටිල් වත්තේ සේවකයෙකු වන අතර එම වත්තේම සේවය කරන වෙනත් අයෙකුගේ දියණියක් පාඩම් කියාදීමට බව පවසමින් කැඳවා අපයෝජනයට ලක් කර ඇත.

දැරිය නිතරම බියෙන් පසුවීම හේතුවෙන් හලාවත රෝහලේ වෛද්‍ය වරයෙකුගෙන් ප්‍රතිකාර ගැනීමට ගිය අවස්ථාවෙදී සිද්ධිය හෙලිවී තිබේ.

ඒ අනුව පොලීසියට කළ දැනුම්දීම මත සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

දෙදරු පියෙකු වන සැකකරු ගේ එක් දියණියක ගුරුවරියක බවද පොලීසිය ප්‍රකාශ කරයි.

අවස්ථා දෙකක දී මෙම පුද්ගලයා විසින් දැරිය අපයෝජනයට ලක්කර ඇත.

Source From gossipsinhalanews
Author: EWriter

Powered by WPeMatico