දුර දිග ගිය විහිළුව නිසා ජිවිත දෙකක් එතනමයි – “ඔළුවට මන්නෙන් කොටද්දී අනෝමා කෙසෙල් කඳක් වගේ කඩන් වැටුණා”

‘ඇගේ හිස මතට එක පිට එක පහර එල්ල  කළා’
‘ලඟට එන්න එපා එකෙක්වත්. ආවොත් තොපිටත් මේකෙන්ම කොටනවා.’ කියා කාටවත් එතනට එන්න අජිත් ඉඩ දුන්නේ නැහැ..

කාන්තාවකට කළ විහිළුවක් දුරදිග යාමෙන් ඇති වූ ගැටුමකින් ,මාස නවයක් වයසැති කුඩා බිළිදෙකුගේ  මවක් ඇතුළු දෙදෙනෙකු ට ජිවිත අහිමිවීමේ සිදුවීමක් මල්සිරිපුර , පන්ලියද්ද ප්‍රදේශයේන් පසුගියදා අසන්නට ලැබුණි .මෙලෙස ජිවිතක්ෂයට පත්වුයේ මැල්සිරිපුර ,පන්ලියද්ද , හැවනතැල්ල ගම්මානයේ පදිංචි අනෝමා මල්කාන්ති නමැති 37 හැවරිදි දෙදරු මවක් සහ එම ගම්මානයේ පදිංචි අජිත් කුමාර දිසානායක නමැති 39 හැවිරිදි තිදරු.පියෙකි.

අනෝමාගේ සැමියාට ස්ථිර රැකියාවක් නැත. එබැවින් දහසකුත් එකක් බාධක වලට මුහුණ දෙන්නට වූ නමුත් අනෝමාගේත් ඇගේ සැමියාගේත් සමගි සමාදානයෙන් යුතුව පවුල් ජීවිතය ගත කළහ. ඇගේ පවුලේ සතුට වැඩිකරවමින් එහි හතරවැනි සාමාජිකයාත් පවුලට එක්වුයේ පසුගිය පෙබරවාරි මාසයේදීය.

කිරි දරුවා සැමියා ළඟ තබා පසුගිය 31 වැනිදා පස්වරුවේ අනෝමා සිය වැඩිමල් දරුවාත් සමඟ පාරට බැස්සේ ඔහු උපකාරක පන්තියකට ඇරලවිම සඳහා ය. මේ දෙදෙනා ගමන් ගත් මාර්ගය වැටී තිබුණේ අජිත් කුමාරගේ නිවස ඉදිරිපිටිනි. දරුවාත් කැටුව තම නිවස ඉදිරිපිටින් යන අනෝමා දුටු අජිත්ගේ කට නලියන්නට විය.

ආ …. නංගි උබලා දැන් හොඳටම කනවා බොනවා වගේ නේද?

‘අජිත් අනොමාගෙන් අමුතු විලාසයකින් එලෙස ඇසීය. අජිත් විසින් පිටකළ දෙපිට කැපෙන වචන පෙළ ඇසුණි අනෝමාගේ මුහුණු රතු විය.

‘කාටද උඹ ඔහොම කියන්නේ ?’

අනෝමා අජිත්ගෙන් පෙරළා ඇසුවාය…

‘වෙන කාගෙන්ද ඉතිං උඹෙන් මිසක්’

අජිත්ද උස් හඩින්ම පිළිතුරු දුන්නේය. ඒ සමඟම අනොමාත් අජිත්ට බැණ වදින්නට විය. අනෝමාගේ මුවින් පිට වූ කර්කෂක  වාග් ප්‍රහාරය මොහොතින් මොහොත අජිත්ගේ කෝපය වැඩි කරන්නට විය..

‘කට වහපිය ‘

අජිත් ගිගුරු නමුත් තමන්ට කළ නොමනා විහිළුවෙන් කොපගැන්වී සිටී අනොමාද බැණවැදීමට නැවැත්තුවේ නැත..

‘හිටපිය තොට හොඳ වැඩක් කරන්න’ යැයි කී අජිත් ඔහුගේ නිවස තුළට දිවගොස්   ආපසු එළියටආවේ තියුණු මන්නා පිහියක්ද අත දරාගෙනය. මන්නා පිහිය අමෝරාගෙන පාරට පැන්න අජිත් අනෝමාට සිතන්නටවත් ඉඩක් නොතබා ඇගේ හිස මතට එක පිට එක පහර එල්ල කරන්නට විය. හතර පස් වතාවක් අජිත් අත තිබු පිහිය හිස මතට පාත්වෙද්දී අනෝමා කපා හෙලු කෙසෙල් කදක් මෙන් බීම ඇද වැටුණාය. පිහිපහර ගණනාවක් වැදී බරපතල කැපුම් තුවාල ලබා සිටි අනෝමා බීම වැටී දඟලන්නට වුවාය. අනෝමා පිහි පහර කා බීම වැටෙනු දුටු අසල්වාසීන් කිහිපදෙනෙකු එතැනටදිව ආවේ ඇය අජිත්ගෙන්  ගලවාගෙන රෝහල වෙත ගෙනයාමටය. එහෙත් අජිත් හිත්පිත් නැති තිරිසේනේකුව සිටියේය.

‘ලඟට එන්න එපා එකෙක්වත්. ආවොත් තොපිටත් මේකෙන්ම කොටනවා.’

රුධිරයෙන් තෙත් වී තිබු පිහිය ලෙළවමින් අජිත් කිවේය. අජිත්ගේ මෙම හැසිරීම හමුවේ පණ ගැහෙන අනෝමාගේ සිරුර දෙස බලා සිටීම හැර කළ හැකි කිසිවක් අසල්වාසීන්ට නොවිය.

අනෝමාගේ සැමියා වන සුමිත් මෙම සිදු වීම වනවිට  සිටියේ එතැන සිට මීටර් පන්සියක් පමණ දුරකින් පිහිටි ඔවුන්ගේ නිවසේය. අජිත් අනෝමාට කෙටු බවත් එතැනට කිසිවෙකුටත් ලංවීමට නොදෙන බවටත්  සුමිත් වෙත පණිවිඩය ගෙනෙන්නේ ගමේ තරුණයෙකු විසිනි. මාරාවේශ වූ සුමිත් නිවෙසින් පිටවන්නේ මන්නා පිහියක්ද අත දරාගනිමිනි. මරණිය තුවාල ලබා පාරේ වැටී සිටින තම බිරිඳත් පිහිය අමෝරාගෙන සිටි අජිත්වත් සුමිත් දකින්නේ එකවිටය. අනෝමා වෙත දිවයාමට උත්සහ කළ නමුත් අජිත් කුමාර ඊට ද හරස් කැපීම සුමිත්ගේ රතුකට්ට පැන්නවිමට සමත් විය.

තම අතේ තිබු පිහිය අමෝරාගත් සුමිත් අජිත්ට පහරවල් කිහිපයක් එල්ල කරද්දී අජිත්ද ලේ වගුරවමින් බීම ඇද වැටුණේය. බීම වැටී සිටි අනෝමා දෝතට ගත සුමිත් ඇය රැගෙන ගොකරැල්ල දිසා රෝහල බලා පිටත් වූ අතර ගම්වාසින් ඒ පසුපසින්ම අජිත්ද ගොකරැල්ල රෝහල  වෙත ගෙන ගියහ. රෝහලට ඇතුළත් කිරීමෙන් විනාඩි කිහිපයකට පසුව අජිත් අවසන් හුස්ම හෙලු අතර බරපතල තුවාල ලබා සිටි අනෝමා කුරුණෑගල ශික්ෂණ රෝහලට මාරුකර යැවිණි. එහි දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කිරීමෙන් ටික වෙලාවකට පසුව අනොමාද මෙලොව හැරගියේ මවුකිරෙන් පමණක් යැපෙන තව මස් බිළිදෙකුට මෙන්ම හය හැවිරිදි දරුවෙකුට මව් සෙනෙහස අහිමිකරමිනි.

වැලි ගොඩ දැමීමෙන් දිවි රැකගත් බව කියන අජිත් කුමාරත් දරු තිදෙනෙකුගේ පියෙකි. ඔහුගේ දරුවන්ද 8, 9 සහ 16 යන වයස් වල පසුවෙති. අනෝමාගේ සැමියා වන 38 හැවිරිදි සුමිත්, පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි. ඒ හේතුවෙන් අදවන විට අනොමාගේත් , සුමිත්ගේත් නවමස් බිළිදාට සහ සය හැවිරිදි දරුවාට මවත් පියාත් දෙදෙනාම අහිමිව ගොසිනි. ජිවිත දෙකකට මරණයත්, තව ජිවිතයකට සිර ගෙයත් උරුම කරමින්ද, අජිත් ගේ විහිළුව අවසන් වුයේ හය හතර නොදත් දරු පිරිසකට මව් පිය සෙනෙහස අහිමි කරමින්ය.

-බණ්ඩාර රත්නායක

Source From gossipsinhalanews
Author: EWriter

Powered by WPeMatico