තිබූ ප්‍රේමය අවසන්..ටීනා ගායන තරුවකගේ අලුත්ම පෙම්වතියයි

ටීනාගේ පෙම් සම්බන්ධය පසුගිය කාලයේ අවසන්ව ඇත්තේ දෙදෙනා අතර ඇතිවූ වාදයක් නිසයි.

එම සම්බන්ධය අවසන්වී ටික කලක් ගතවන විට ඇය ගායනා ක්ෂේත්‍රයේ තරුවක් සමග තවත් ආදර සම්බන්ධතාවක් ගොඩනගා ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මේ සම්බන්ධයෙන් ඇය පුවත්පතකට දැක්වූ අදහස් පහතින් දැක්වෙනවා.
පසුගිය දවස්‌වල ආදරයෙන් පැරදුණා කියන්නේ ඇත්තද?

මම කවදාවත් ආදරයෙන් පැරදුණේ නැහැ. මට ඕනෑ තරම් රසිකයෝ ආදරය කරනවා. පසුගිය දවස්‌වල මගේ තිබුණ ආදර සම්බන්ධතාවය නැතිව ගියා. අපි දෙන්නා අතර වාදයක්‌ ඇතිවෙලා ඒක අවසන් කළා. දැන් මට අලුත් කෙනෙක්‌ ඉන්නවා.

පෙම්වතා නිරූපණ ශිල්පියෙක්‌ කියන්නේ ඇත්තද?

නිරූපණය ශිල්පියෙක්‌ නෙමෙයි. ඒ කතාව සම්පූර්ණ වැරදියි. කවුද දන්නේ නැහැ ඔය කියන කෙනා. මම සාමාන්‍යයෙන් මගේම ක්‍ෂේත්‍රයේ කෙනෙක්‌ එක්‌ක ආදර සම්බන්ධයක්‌ පවත්වන්න කැමැති නැහැ. මට ඉන්නේ යාළුවෝ විතරයි.

එතකොට පෙම්වතා නළුවෙක්‌ද?

එයා වෙනම ක්‍ෂේත්‍රය කෙනෙක්‌. එයා ගැන දැන්ම කතා කරන්න ඕනෑ නැහැ.

එහෙනම් එයාගේ ජොබ් එක කියන්න?

එයා ඉතිං සින්දු කියන කෙනෙක්‌. දැනට ඔය ඇති.

The post තිබූ ප්‍රේමය අවසන්..ටීනා ගායන තරුවකගේ අලුත්ම පෙම්වතියයි appeared first on Neth Gossip.

Source From nethgossip
Author: Sugath

Powered by WPeMatico