ඩී.ඒ. රාජපක්ෂ කෞතුකාගාරය ඉදිකිරීම සිවිල් ගනුදෙනුවක් නිසා පොදු දේපල පනත යටතේ තමන් අත්අඩංගුවට ගැනීම වලක්වන ලෙස ඉල්ලූ ගෝටාභයට අද අධිකරණයෙන් දුන් නියෝගය මෙන්න

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතාට එරෙහිව පොදු දේපල පනත යටතේ කටයුතු කිරීවෙල් වලකින්නැයි අභියාචනාධිකරණය විසින් මීට පෙර පනවා තිබූ අතුරු තහනම් නියෝගය එලැඹෙන 15 වන දින දක්වා දීර්ඝ කර තිබේ.

පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශයට එරෙහිව මෙම අතුරු තහනම් නියෝගය පනවනු ලැබීය.

ඩී.ඒ. රාජපක්ෂ කෞතුකාගාරය ඉදිකිරීමේදී රාජ්‍ය දේපල අපහරණය කලේ යයි පොදු දේපල පවත යටතේ කමන් අත්අඩංගුවට ගැනීමට සූදානමක් ඇති බවට හිටපු ආරක්‍ෂක ලේකම්වරයා අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොන් කරමින් කියා සිටියේය.

අදාල සිදුවීම සිවිල් ගනුදෙනුවක් බැවින් පොදු දේපල පනත යටතේ තමන් අත්අඩංගුවට ගැනීම වලකමින් අතුරැු තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි රාජපක්‍ෂ මහතා අධිකරණයෙන් ඉල්ලා තිබින.

මෙම පෙත්සම සම්බන්දයෙන් විරෝධතා ඇත්නම් අද අධිකරණයට ඉදිරිපත් කරන්නැයිද අධිකරණය විසින් නීතිපතිවරයට දන්වා තිබින.

Source From gossipsinhalanews
Author: EWriter

Powered by WPeMatico