“කුඩා දරුවකු හඬනවා ඇසුණොත් ඉක්‌මනින් එම ස්‌ථානයෙන් ඉවත් වෙනවා…” – රටම කතා කළ දළ පූට්ටුවාගේ කවුරුත් නොදන්නා දෙයක් ගැන ගල්ගමුවේ අමරවංශ හිමියන් කී කතාව..!

මේ ඇත් රාජයා කුඩා දරුවකු හඬනවා ඇසුණොත් ඉක්‌මනින් එම ස්‌ථානයෙන් ඉවත් වෙනවා. ඒ වෙලාවට උගේ හොඩයේ පලතුරක්‌ තිබුණොත් ඒවා එතැන දාලා ගිහින් තියෙනවා.” යෑයි පසුගියදා මරා දැමුණු ගල්ගමුවේ දළ පුට්‌ටුවා ගැන ගල්ගමුව – කංකානියාගම සංඝබෝධි විහාරස්‌ථානයේ විහාරාධිපති සංගප්පාලේ අමරවංශ හිමියෝ ප්‍රකාශ කළහ.

මෙම විහාරස්‌ථානය මහගල්ගමුව වැව ආශ්‍රිතව පිහිටා තිබීම නිසාත් ඒ අසල වෙල් යායක්‌ ඇති නිසාත් ඇතා නිරන්තරයෙන් එම ප්‍රදේශවල සැරිසරන විට මෙකී පන්සලටද පැමිණීමට පුරුදුව සිටියා.

මම අවුරුදු ගණනක ඉඳලා මේ හස්‌තියාගේ හැසිරීම් ගැන හොඳට දන්නවා. උගේ මද කිපෙන කාලයට එළියේ දළ දෙක හොඳට ඈත් වෙනවා. ඊට පස්‌සේ යළිත් දළ පුට්‌ටු වෙනවා. උගේ එක්‌ දළයක කළු පාට පැල්ලමක්‌ තිබුණා.

ගජමුතු හඳුනා ගන්නා ආකාරය ගැනද අමරවංශ හිමියන් පැහැදිලි කළේය. “ගජමුතුවක්‌ වටේට සමන් පිච්ච මල් පොහොට්‌ටු තැබුවොත් විනාඩි පහකින් විතර ඒ පොහොට්‌ටු ඔක්‌කොම පිපෙනවා. බුලත් කොළේක ඒ ගජමුතු ඔතා තැබුවොත් විනාඩි පහකින් විතර ඒ බුලත් කොළය සම්පූර්ණයෙන්ම ගුරු පාට වෙනවා. ඒවා තමයි නියම ගජමුතු සොයා ගැනීමට ඇති සරලම ක්‍රමය. කිසිම කෙනකුට කරදරයක්‌ නොකළ මේ හස්‌තියාට කළ අපරාධයට ස්‌වභාව ධර්මයා විසින් එය කළ නරුමයන්ට දඬුවම් දෙනවා දෙනවාමයි” යෑයිද උන්වහන්සේ පවසයි.

අමරවංශ හිමියන් ඇතුළු සිවු නමක්‌ ඇතාගේ මළකුණ සොයා ගත් තැනට ගොස්‌ මතක වස්‌ත්‍ර පූජා කොට පැන් වඩා ඇතාට පිං පැමිණවීම ද එදින මහා වර්ෂාවේදීම සිදු කළේය. ඉන් නොනැවතුණ උන්වහන්සේ ඇතා වෙනුවෙන් මෙම 8 වැනිදා සහ 9 වැනිදා සිදු කරන දානමය පිංකමටද වෙහෙසී වැඩ කටයුතු සම්පාදනය කරන්නේය.

සේනක ඉලංගකෝන් – මහගල්කඩවල

Source From gossipsinhalanews
Author: EWriter

Powered by WPeMatico