ඊයේ අලුයම ප්‍රකාශ කළ ‘රවිරාජ් ඝාතන නඩු තීන්දුව ගැන’ යාපනයෙන් ඇසුන කතාව

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝාතන නඩු තීන්දුව පිළිබඳව දෙමළ ජාතික සන්ධානය සෑහීමකට පත් නොවන බව වාර්තා වනවා.

එම පක්ෂයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් ඊයේ (24) යාපනය දෙමළ ජාතික සන්ධාන කාර්යාලයේදී මේ බව සඳහන් කර තිබෙනවා.

මෙම නඩු තීන්දුව රටේ අධිකරණය පිළිබඳව විශ්වාසයක් නොමැති බව පෙන්නුම් කරන්නක් බව ඔහු එහිදී සඳහන් කර ඇති අතර  නඩු තීන්දුව සම්බන්ධයෙන් වින්දිතයන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා වශයෙන් තමන් ඇපෑලක් ඉදිරිපත් කරන බවයි  පෙන්වාදී ඇත්තේ.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝාතන නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරන ලද්දේ ඊයේ අලුයම කාලයේයි.

The post ඊයේ අලුයම ප්‍රකාශ කළ ‘රවිරාජ් ඝාතන නඩු තීන්දුව ගැන’ යාපනයෙන් ඇසුන කතාව appeared first on Neth Gossip.

Source From nethgossip
Author: Sugath

Powered by WPeMatico