අවුරුදු 20 කට පසු ඥාති නිවසකට ගිය කොළඹ සෙට් එකක් පෙති බී මත්වී නැටූ පිස්සුව මෙන්න

කොළඹ ප්‍රදේශයේ සිට පැමිණි සිව් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් කෑගල්ල රණවන ප්‍රදේශයේ නිවසකදි මත් පෙති වර්ගයක් පානය කර ඇති අතර නිවැසියන් ඔවුන්ව නිවසින් එළවා දමා ඇති අතර පසුව ගම්වැසියන් විසින් එම පිරිස පොලිසියට භාර දී තිබෙනවා.

අනතුරුව ඔවුන්ගෙන් තිදෙනෙකු කෑගල්ල රෝහලට ඇතුළත් කර තිබූ අතර අනෙක් පුද්ගලයා පොලිස් භාරයේ සිට තිබෙනවා.

මෙලෙස කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර ඇත්තේ හොරණ දකුණ, කොට්ටාව සහ මුල්ලේරියාව ප්‍රදේශයේ පදිංචිකරුවන් තිදෙනෙක් වන අතර කොට්ටාවේ පදිංචිව සිටි පුද්ගලයා පොලිස් භාරයේ පසුවනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය කියා සිටියේ පොලිස් භාරයේ සිටින පුද්ගලයාගේ ඥාතින් පිරිසක් කෑගල්ල රණවන ප්‍ර දේශයේ පදිංචිව සිටින බවත්, ඔහු වසර 20 කට පසු පසුගිය සිකුරාදා රණවන ඥාති නිවසට පැමිණ ඇති බවත්ය.

මෙලෙස පැමිණි එම පිරිස එහිදි මත් පෙති වර්ගයක් පානය කර තිබුණා.

පසුව තිදෙනක් නිවසේ සිටි තරුණියකගේ කාමරයට යෑමට උත්සාහ දරා ඇති අතර ගෙහිමියන් විසින් පැමිණ ඥාතිවරයා සහ සෙසු තිදෙනා එළවා දමා ඇති බවයි දැනගන්නට ලැබෙන්නේ.

නිවසින් පිටවූ ඔවුන් පසුව විහාරස්ථානයකට අනවසරයෙන් ඇතුළු වී විහාරාධිපති හිමියන් වැඩවාසය කරන සංඝාවාසයටද ගොස් නාහිමියන් සැතපෙන ස්ථානයේ බිම හිඳගෙන තිබෙනවා.

විහාරාධිපති හිමියන්ද ඔවුන්ව එලවා දැමීමෙන් පසු ඔවුන් ගම පුරා සැරිසරමින් සිටියදි ගම්වාසින් විශාල පිරිසක් ඔවුන් සිව්දෙනා අල්ලා කෑගල්ල පොලිසියට භාර දී තිබුණා.

මේ අතර රෝහලට ඇතුළු කළ පුද්ගලයන්ගෙන් එක් අයෙකු වෛද්‍යවරිය පරීක්ෂා කරන අවස්ථාවේදී ඇගේ පාදයක් අතගා ඇති බවත් ඔවුන් තිදෙනාම ප්‍රකාශයක් ලබා ගැනීමට නොහැකි තත්ත්වයේ පසුවන බවත් ඔවුන් ළඟ තිබී තවත් මත්පෙති තොගයක් පොලිසිය සොයා ගත් බවත් වාර්තා වනවා.

Source From gossipsinhalanews
Author: EWriter

Powered by WPeMatico