අනේ අපිනම් ඕවට නැහැ සර්

630630

මහ ඇමැතිතුමෙක් තමන්ගෙ වැයික්කියෙ පළාත් පාලන ලොක්කො එක්ක රටේ ලොකු මහත්තය හම්බුවෙන්න ආවෙ දීපවාලි දවසෙලු. ඇවිල්ල ඒගොල්ලන්ගෙ ප්‍රශ්න, රටේ ප්‍රශ්න, දුක්ගැනවිලි රටේ ලොකු මහත්තයට කියන අතරෙ ගම්පහ පැත්තෙ එක්තරා ප්‍රාදේශීය ලොකු මහත්තයෙක් රටේ ලොකු මහත්තයගෙන් ප්‍රශ්නයක් ඇහුවලු.
“අපි පත්තරවල දැක්ක සර් ලබන 18දා අනුරාධපුරේ තියෙන හිටපු ජනාධිපතිතුමාල සංවිධානය කරන පින්කමට ඔබතුමාටත් ආරාධනා කළා කියල. ඒක උන්නැහේගෙ උපන් දිනේටත් එක්කයි කරන්නෙ. ඔබතුමත් එදා රජරට එනවද?*
මේ අමුතු ප්‍රශ්නය ඇහුවම ටිකක් කල්පනා කරපු රටේ ලොකු මහත්තය මෙහෙම උත්තරයක් දුන්නලු.
“මට නම් ආරාධනා නැහැ තවම. ඒත් ඔය උත්සාහෙ ඒකාබද්ධ විපක්‍ෂයක් හදන්නලු නේද? ඒක හොඳ වැඩක්ද? මම ඔය පක්‍ෂ කඩන උත්සවවලට යන්නෙ නැහැ. ඒක මතක තියාගන්න.* රටේ ලොකු මහත්තය කිව්ව. මෙහෙම උන්නැහේ උත්තර දෙද්දි කොළඹ කිට්ටුව ඇඹුල් තියන නගරෙකින් ආපු සභාවක ලොක්කෙක් කතා කරන්න ගන්න. මෙයා පසුගිය කාලෙ හිටපු ලොක්කගෙ දෙපා නමදිමින් උන්නැහේ ළඟ දැවටුණ දේසපාලන පොරක්.
“අනේ සර් අපි නම් ඔය එක එක සන්ධානවලට නැහැ. මම සදාකාලිකව ඉන්නෙ ඔබතුමා එක්කයි. ආයෙ යනව නම් යන්නෙ ගෙදර තමයි.* ඒ කතාව අහපු හුඟ දෙනෙක් මෙයා පසුගිය ඡන්ද කාලෙ කරපු කියපු කතාවලින් සිද්ධ වෙච්ච පව් සමා කරගන්න මෛත්‍රීතුමා ළඟට කරණමක් ගහලයි කියල දැනගත්තෙ එදාලු.

The post අනේ අපිනම් ඕවට නැහැ සර් appeared first on Gossip – AsianMirror.lk.

Powered by WPeMatico