අධ්‍යාපන රාජ්‍ය ඇමති රාධක්‍රිෂ්ණන්ගේ පුතා “ඉසුරුපායේ” යකා නටයි – අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරියෙක්ට දමාගෙන ගුටි අනියි

අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය රාධක්‍රිෂ්ණන්ගේ පුත්‍රයා අමාත්‍යංශයේ නිලධාරියෙකුට අද (13) පහරදීමක් සිදු කර ඇති බව අප වෙත වාර්තා වනවා.

අමාත්‍යංශය තුළ සම්මුඛ පරීක්ෂණයක් පැවැත්වෙන අවස්ථාවේ රාජ්‍ය අමාත්‍යවරයාගේ පුත්‍රයා එය වීඩියෝ කරමින් සිටියදී නිලධාරියෙකු ඒ සම්බන්ධයෙන් කළ විමසීමකදී තමන් අමාත්‍යවරයාගේ පුත්‍රයා බව පවසමින් නිලධාරියාට පහරදී ඇති බවයි එම වාර්තා මගින් පැවසුණේ.

අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය රාධක්‍රිෂ්ණන්ගේ පුද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කරන්නේ ද පුත්‍රයායි.

මේ අතර අප කළ කරුණු විමසීමකදී අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය රාධක්‍රිෂ්ණන් සඳහන් කළේ තම පුත්‍රයාගේ කොලරයෙන් අල්ලා නිලධාරියා විසින් පළමුව පහරදී ඇති බවයි.

-nethnews

Source From gossipsinhalanews
Author: EWriter

Powered by WPeMatico