අදින් පටන් ගත් මේ සතිය ඔබට සුබද? අසුබද? – මෙන්න ඔබේ ලග්නයට අනුව සතියේ ලග්න පලාඵල

මේෂ –

ඔබේ ලග්නාධිපති කුජ හයවැන්නේ ගමන් කරමින් උදාවන මෙම සතිය මිශ්‍රඵලදායක වේ. අධ්‍යාපනය ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සුබ වේ. ගෘහ ජීවිතය මිශ්‍ර ඵලදායක වේ. පවුලේ අය සමඟ සතුටින් කාලය ගත වේ. ආගමට දහමට සිත යොමුවේ. පිංකමකට සහභාගි වීමට අවස්‌ථාව උදා වේ. විවාහ සහකරුට සුබපලදායකයි. අවිවාහක අයට මංගල යෝග උදාවේ. හවුල් ව්‍යාපාරවලින් ලාභ ලැබේ. සතුරු කරදර වලින් ජයගත හැකිවේ. පදිංචිය පිළිබඳ ගැටලු ඇතිවීමටද ඉඩ ඇත. අසල්වාසීන් සමඟ ඉවසීමෙන් කටයුතු කරන්න. අලෙවි කරන රැකියාවල යෙදෙන අයට සුබදායක වේ. මෙතෙක්‌ පැවති අසනීපවලින් සුවය ලබා ගන්නටත් නිසි වෛද්‍ය ප්‍රතිකාර ගැනීමටත් පහසුකම් සැලසේ.

සුබ පාට රෝස – සුබ අංකය 03

වෘෂභ –

ඔබේ ලග්නාධිපති සිකුරු, රවි සමඟ ගුරු හයවැන්නේ ගමන් කරමින් උදාවන මෙම සතිය බොහෝ දුරට සුබදායක වේ. අධ්‍යාපන කටයුතු සාර්ථක වේ. ගෘහ ජීවිතය පිළිබඳව සතුටුදායක බවක්‌ පෙන්වයි. මව්පියන්ට සුබයි. ගොවිතැන් කටයුතු හා ස්‌වයං රැකියා කටයුතුවලටද සුබවේ. බිරිඳ හෝ සැමියාට සුබපල දායකයි. බලාපොරොත්තු වූ ණය මුදලක්‌ ලබා ගැනීමට පහසුකම් සැලසේ. නිතර ගමන් බිමන් යෙදුනද ඒවා නිෂ්ඵල ගමන් වීමට ඉඩ තිබේ. රහස්‌ සතුරු කරදර පෙන්වන අතර කාන්තා පක්‌ෂයෙන් කරදර ඇතිවිය හැකියි. සෙනසුරු ග්‍රහයා අටවැන්නේ ගමන් කිරීම නිසා සේවක ගැටලු, රැකියා බාධා තැන්පත් ධනය වියදම් වීම හා සෙම් රෝග වැනි සෞඛ්‍ය ගැටලු ඇතිවිය හැකියි. සෙනසුරු අපලයට අදාළ ග්‍රහ ශාන්ති කර්ම කරගන්න.

සුබ පාට මිශ්‍රලා – සුබ අංකය 06

මිථුන –

ඔබේ ලග්නාධිපති බුධ හයවැන්නේ ගමන් කරමින් උදාවන මෙම සතිය මිශ්‍රඵලදායක බව පෙනේ. අධ්‍යාපන කටයුතු සාර්ථක වේ. දරුවන් හෝ ශිෂ්‍යයන් ගැන සිතා සතුටට පත් විය හැකි සතියකි. අසල් වාසීන් අතර සුහදතාව වර්ධනය වේ. අවිවාහක අයගේ මංගල යෝජනා සාර්ථක වනවා ඇත. පෙම්වතුන්ට සුබදායකයි. හදිසි ධන ලාභයක්‌ හෝ ලොතරැයි ජයක්‌ ලැබීමටද ඉඩ තිබේ. ඉක්‌මන් කෝපය නිසා පවුලේ අය අතර ගැටලු ඇතිවීමට හේතු වේ. ඉවසීමෙන් කටයුතු කරන්න. සිතේ සතුට ඇතිවේ. විවාහක සහකරුට තරමක්‌ අපලයි. ව්‍යාපාරවලින් ලාභ ලැබේ. වියදම් පාලනය කර ගන්න. සතුරු කරදර ගැන සැලකිලිමත් වන්න. සෞඛ්‍ය යහපත් වේ.

සුබ පාට ලා කොළ – සුබ අංකය 04

කටක –

ඔබේ ලග්නාධිපති සඳු දෙවැන්නේ ගමන් කරමින් උදාවන මෙම සතිය සුබදායක වේ. ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අධ්‍යාපන කටයුතුවලට සුබයි. ගෘහ ජීවිතය සතුටින් ගත වේ. නිවසේ දියුණුවට කරන කටයුතු සාර්ථක කරගත හැකි වේ. නිවසේ පුණ්‍ය කටයුත්තක්‌ කිරිමට සිත යොමු වේ. නිවාස, ඉඩම්, වාහන ලාභ හිමිවේ. ගොවිතැන් කටයුතු=වලින් ලාභ ලැබේ. ගෘහාශ්‍රිත කර්මාන්තවලට සුබවේ. උත්සාහය ධෛර්යය ඉහළ යයි. සහෝදර සබඳතා ශක්‌තිමත් වේ. මේ අතර අසල්වාසීන් හා සුහදතාව වර්ධනය වේ. සතුරු කරදර ජයගත හැකිවේ. සෑම දෙයක්‌ම තනි උත්සාහයෙන් කර ගැනීමට තරම් ශක්‌තිය ඇති වේ. ධන ලාභ ලැබේ. රැකී රක්‌ෂා හා ව්‍යාපාර කටයුතු දියුණු වේ. රැකියා අංශවල ප්‍රධානීන් සමඟ කටයුතු කරන විට ප්‍රවේශම් වන්න.

සුබ පාට සුදු – සුබ අංකය 02

සිංහ –

ඔබේ ලග්නාධිපති රවි ගුරු සමඟ සිකුරු තුන්වැන්නේ ගමන් කරමින් උදාවන මෙම සතිය සුබදායක වේ. ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අධ්‍යාපන කටයුතු වලට බාධා විය හැකි වන්නේ උදාසීන හා වැඩ කල්දැමීම නිසාය. උනන්දුවෙන් කටයුතු කරන්න. විදේශ ගමන් පිළිබඳ බලාපොරොත්තු සාර්ථක වේ. චිත්ත ධෛර්යය ඉහළ යයි. සහෝදරයකුගේ ජයග්‍රහණයක්‌ අසන්නට ලැබේ. අසල්වාසීන් සමඟ පැවති සුහදතාවය වර්ධනය වේ. නීතිමය ලියකියවිලිවලට අත්සන් තැබීම සුබයි. රාජ්‍ය අංශයේ මෙන්ම උසස්‌ අයගේ ආධාර උපකාර ලැබේ. ගෘහ ජිවිතය මිශ්‍රඵලදායක වේ. ලිපි ලේඛන හා ශාස්‌ත්‍රීය කටයුතුවලට සුබයි. සෞඛ්‍යය යහපත් වේ.

සුබ පාට – දිලෙන සුදු, සුබ අංකය-1

කන්‍යා –

ලග්නාධිපති බුද තුන්වැන්නේ ගමන් කරමින් උදාවන මෙම සතිය අධ්‍යාපන කටයුතු වලට සුබයි. උසස්‌ අධ්‍යාපනික කටයුතු සාර්ථක වේ. ගෘහ ජීවිතයට තරමක බාධා ඇතිවිය හැකියි. ඉවසීමෙන් කටයුතු කරන්න. ඔබට දෙවි පිහිට, පෙර පින භාග්‍යය උදා වේ. පූජ්‍ය පක්‌ෂයේ උසස්‌ අය ඇසුරු කරන්නට අවස්‌ථා උදාවේ. යහපත් ගුරුවරුන්ගේ උදව් උපකාර ලැබේ. විදේශ ගමන් හා දුර වන්දනා ගමන් යෙදේ. පින්දහම් කෙරෙහි ඇති උනන්දුව වැඩි වේ. විවාහ සහකරුට සුබ දායකයි. අවිවාහක තරුණ තරුණියන්ට මංගල යෝග උදාවේ. ලිපි ලේඛන හා ශාස්‌ත්‍රීය කටයුතු වලට සුබදායක වේ. වෙස්‌ වලාගත් මිතුරන්ගෙන් ප්‍රවේශම් වන්න. ආදායම් යහපත් වන අතර වියදම් පාලනය කර ගන්න

සුබ පාට -ලා කොළ – සුබ අංකය 04

තුලා –

ඔබේ ලග්නාධිපති සිකුරු බලවත් වී ගුරු සම`ග රවි ලග්නභාවයේ ගමන් කරමින් උදාවන මෙම සතිය සුබ දායක වේ. අධ්‍යාපන කටයුතු වලට සුබදායක වේ. උත්සාහය ධෛර්යය ඉහළ යයි. හිත මිතුරන් සම`ග සතුටින් කාලය ගතවේ. සමාජ සේවා කටයුතුවල නිරත වීමට සිදු වේ. රැකියා හා ව්‍යාපාර අංශවලට සුබයි. උසස්‌ අයගේ ආධාර උපකාර ලැබේ. රැකියා බලා පොරොත්තු සාර්ථක කර ගැනීමට අවස්‌ථා උදා වෙයි. විවාහ සහකරු වෙනුවෙන් අමතර වියදමක්‌ දරන්නටද සිදුවිය හැකියි. සහෝදරයන්, අසල්වාසීන් අතර සබඳතාවලට සුබවේ. ආයෝජනවලට සුබවේ. ලියකියවිලි හා ශාස්‌ත්‍රීය කටයුතුවලට සුබවේ. දරුවන්ට සුබදායකයි. ආගම දහමට සිත යොමු වේ. සෞඛ්‍යය ගැන සැලකිලිමත් වන්න.

සුබ පාට -මිශ්‍ර ලා – සුබ අංකය 06

වෘශ්චික –

ඔබේ ලග්නාධිපති කුජ සියලුම ලැබීම් පෙන්වන එකොළොස්‌ වැන්නේ ගමන් කරමින් උදා වන මෙම සතිය මිශ්‍ර ඵලදායක වේ. ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අධ්‍යාපන කටයුතුවලට මිශ්‍රඵල දායකවේ. බුද්ධිය මෙහෙයවා කරන කටයුතු සාර්ථකවේ. දරුවකු වෙනුවෙන් අමතර වියදමක්‌ දරන්නට සිදුවෙනවා ඇත. වියදම් පාලනය කර ගන්න. විවාහ සහකරු වෙනුවෙන්ද අමතර වියදමක්‌ දරන්නට සිදුවිය හැක. විදේශ ගමන් පිළිබඳ තිබූ නීතිමය ගැටලුවකට විසඳුම් ලැබේ. උසස්‌ අය සමඟ කටයුතු කරන විට ප්‍රවේශම් වන්න. තමන්ට වඩා උසස්‌ කෙනෙකු අමනාප වීමට හෝ නීතිමය ප්‍රශ්නයකට මැදිහත් වීමට ඉඩ තිබේ. උසස්‌ අය හඳුනා ගැනීමට ද අවස්‌ථා උදාවේ. සෙම් රෝගවලින් ප්‍රවේශම් වන්න.

සුබ පාට -සුදු සුබ අංකය – 02

ධනු-

ඔබේ ලග්නාධිපති ගුරු , රවි සම`ග සිකුරු සියලුම ලැබීම් පෙන්වන එකොළොස්‌ වැන්නේ ගමන් කරමින්a උදාවන සතිය සුබදායක වේ. ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේ. උත්සාහය ධෛර්ය වර්ධනය වේ. ගෘහ ජීවිතයේ බොහෝ කටයුතු සාර්ථක කර ගැනීමට හැකි වේ. අවිවාහක අයට මංගල යෝග උදා වේ. විවාහ සහකරුට එතරම් යහපත් නොවේ. රාජ්‍ය අංශයේ උසස්‌ අයගේ ආධාර උපකාර ලැබේ. රැකියා හා තනතුරුවල දියුණුවට කරුණු යෙදේ. උසස්‌වීම් පවා ලැබෙන්නට හැකිය. විදේශ ගමන් යෙදේ. උසස්‌ අය හඳුනා ගැනීමට අවස්‌ථාව උදාවේ. ව්‍යාපාරික කටයුතුවල සුබදායක තත්ත්aවයක්‌ පෙන්වයි. ශනි ලග්නයේ ගමන් කරන බැවින් සෙම් රෝග හා වාතාබාධ වැනි අසනීප ගැන සැලකිළිමත් වන්න.

සුබ පාට -කහ සුබ අංකය – 05

මකර –

ඔබේ ලග්නාධිපති ශනි දොළොස්‌වැන්නේ ගමන් කරමින්a උදාවන මෙම සතිය මිශ්‍ර ඵලදායක වේ. අධ්‍යාපන හා උසස්‌ අධ්‍යාපනයේ යෙදෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සුබ දායක වේ. ගෘහ ජීවිතය සතුටින් ගත කිරීමට හැකියාව ලැබේ. දරුවන්ට සුබයි. විවාහ සහකරු ගැන සැළකිලිමත් වන්න. විදේශ ගමනක්‌ වෙනුවෙන් තැන්පත් මුදලක්‌ වැය කිරීමට සිදුවේ. ව්‍යාපාරිකයින්ට සුබයි. බුද්ධිමත් මිතුරන් හඳුනා ගැනීමට අවස්‌ථාව උදාවේ. රැකියා අපේක්‌ෂිත අයට රැකියා ලාබ හිමිවේ. රැකියා සාර්ථකත්වයට කරුණු යෙදේ. ඔබේ නායකත්ව ගතිගුණ ප්‍රදර්ශනය කරමින් අන් අය අතර ප්‍රධානත්වයක්‌ ඇතිව කටයුතු කිරීමට හැකිවේ. සතිය ආරම්භයේදී සිත් තැවුලක්‌ ඇති වීමට ඉඩ තිබේ. සෙම් රෝග ඇති විය හැක.

සුබ පාට නිල් සුබ අංකය – 07

කුම්භ – –

ඔබේ ලග්නාධිපති ශනි සියලුම ලැබීම් පෙන්වන එකොලොස්‌ වැන්නේ ගමන් කරමින් උදා වන මෙම සතිය බොහෝ දුරට සුබඵලදායකයි. අධ්‍යාපන ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට හා උසස්‌ අධ්‍යාපන කටයුතුවලට සුබවේ. ගෘහ ජීවිතය සතුටින් ගතවේ. මව්පියන්ට සුබඵලදායක වේ. සහෝදරයන්ට එතරම් යහපත් නොවේ. ගොවිතැන් කටයුතුවලින් ලාබ ලැබේ. අලුත් මිතුරන් හඳුනා ගැනීමට අවස්‌ථාව ලැබේ. විදේශ ගමන් හා දුර වන්දනා ගමනක්‌ යෙදීමටද ඉඩ තිබේ. රැකියා ව්‍යාපාර කටයුතු සාර්ථක කරගැනීමට සේවක පක්‌ෂයේ සහයෝගය ලැබේ. ආගමික කටයුත්තකට සහභාගි වීමට සිදු වේ. මේ අතර සතිය මැදදී සෙම්රෝග හෝ සිත් තැවුලක්‌ ඇති වීමට ඉඩ තිබේ. හදිසි අනතුරුවලින් ප්‍රවේශම් වන්න.

සුබ පාට- නිල් සුබ අංකය – 07

මීන –

ඔබේ ලග්නාධිපති ගුරු රවි සමඟ සිකුරු අටවැන්නේ ගමන් කරමින් උදාවන මෙම සතිය සුබ අසුබ මිශ්‍රඵලදායක බව පෙනේ. අධ්‍යාපනය ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මිශ්‍රඵලදායකයි. ගෘහ ජීවිතය මිශ්‍රඵලදායකයි. ආගමික කටයුතුවලට සහභාගි වීමට කරුණු යෙදේ. සතුරු කරදරවලින් ජය ලැබේ. ඉක්‌මන් කෝපය හෝ කලබල වීම නිසා අඹුසැමි භේද ඇති වීමට ඉඩ තිබේ. ඉවසීමෙන් කටයුතු කරන්න. රැකියා හා ව්‍යාපාර කිරීමේදී සැළකිලිමත් වන්න. උසස්‌ අය සම`ග කටයුතු කරන විට ප්‍රවේශම් වන්න. නීතියේ පිහිට බලාපොරොත්තු නොවිය හැකි නිසා නීතිවිරෝධි කටයුතුවලට මැදිහත් නොවීමට වග බලා ගන්න. sවාසනාවට වඩා උත්සාහය ගැන විශ්වාසය තබා කටයුතු කරන්න. රවි,ගුරු දශා තරමක්‌ අපලයි.

සුබපාට – තැඹිලි ,කහ සුබ අංකය – 02

අජන්තා ඒකනායක – මැද මහනුවර

Source From gossipsinhalanews
Author: EWriter

Powered by WPeMatico